Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 1:3 - Sinhala Revised Old Version

3 ඉදින් ඔහුගේ පූජාව ගව රැළෙන් වූ දවන පූජාවක් නම්, ඔහු කැලල් නැති පිරිමි සතෙකු ඔප්පුකළ යුතුය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු ඌ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඔප්පුකළ යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔහුගේ පූජාව ගව පට්ටියෙන් ගත් දවන යාග පූජාවක් නම්, ඔහු නොකැළැල් පිරිමි සතෙකු ඔප්පු කළ යුතු ය. තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගනු ලබන පිණිස ඔහු සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දී ඌ පිදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 1:3
79 හුවමාරු යොමු  

එහෙත් උගේ යම් කැලලක් ඇත්නම්, කොරකමක් හෝ අන්ධකමක් හෝ වෙන යම් නරක කැලලක් ඇත්තේවීනම්, ඌ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න.


කැලලක් නැතුව සදාකාල ආත්මයාණන් කරණකොටගෙන තමන්ම දෙවියන්වහන්සේට පූජාවුණාවූ ක්‍රිස්තුස්වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන්වහන්සේට සේවයකරන පිණිස, මළ ක්‍රියාවලින් නුඹලාගේ හෘදයසාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදුකරනු නොලබන්නේද?


ඒ බැටළු පැටවා කැලලක් නැති අවුරුද්දක් වූ පිරිමි සතෙක් විය යුතුය. බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ ඌ රැගෙන,


තේජවත් සභාවක් කොට තමන්ට ඔප්පුකරගැනීම සඳහා වචනය නැමති වතුරෙන් සේදීමෙන්, උන්වහන්සේ එය පවිත්‍රකොට පිරිසිදුකරන පිණිසය.


යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


එබඳුවූ ශුද්ධවූ, නිවැරදිවූ, නොකිලුටුවූ, පව්කාරයන්ගෙන් වෙන්වූ, ස්වර්ගවලට වඩා උසස්වී සිටින්නාවූ උත්තම පූජකයෙක් අපට යෝග්‍යවූයේය.


මක්නිසාද උන්වහන්සේ කරණකොටගෙන අප දොගොල්ලට එක ආත්මයාණන්වහන්සේ තුළ පියාණන්වහන්සේ ළඟට පැමිණීමේ පුළුවන්කම තිබේ.


ආබ්‍රහම්: මාගේ පුත්‍රය, දෙවියන්වහන්සේම දවන පූජාවක් පිණිස බැටළුපැටවා සපයා ගන්නවා ඇතැයි කීවේය.


යේසුස්වහන්සේ යනවා දැක: අන්න! දෙවියන්වහන්සේගේ බැටළු පැටියාණෝයයි කීවේය.


කනගාටුවෙන්වත් ඕනෑම නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියමකරගත් ලෙස දේවා. මක්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේමකරනසේක.


එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකු ස්වාමීන්වහන්සේට ඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද උස්වූ ඉශ්‍රායෙල් කන්ද වන මාගේ ශුද්ධ කන්දේදී මුළු ඉශ්‍රායෙල් වංශය වන දේශයෙහි සිටින ඔවුන් සියල්ලෝම මට සේවයකරන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. එහිදී මම ඔවුන් පිළිගන්නෙමි, එහිදී මම නුඹලාගේ පඬුරුද නුඹලා ඔප්පුකරන ප්‍රථම ඵලද නුඹලාගේ සියලු ශුද්ධ දේත් ඇතුළුව මට දෙන්ට නියමකරන්නෙමි.


ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනඟ කැමැත්තෙන් පූජාවෙති. උදය ගර්භයෙන් නිකුත්වූ, ශුද්ධකමේ අලංකාරයෙන් යුක්තවූ ඔබගේ යෞවනකමේ පිනි ඔබට ඇත්තේය.


මාගේ දෙවියන්වහන්ස, ඔබගේ කැමැත්ත කරන්ට ප්‍රියවෙමි; එසේය, ඔබගේ ව්‍යවස්ථාව මාගේ සිත තුළෙහියයි කීමි.


නිරන්තර දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද ඒකේ පාන පූජාවද ඇර ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් පිණිස,


ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.


ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.


දොරකඩ නම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද, ඔහු ආරක්ෂාකරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නේය.


දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.


නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.


ඔව්හු පසුවදා වේලාසනින් නැගිට, දවන පූජා ඔප්පුකළෝය, ශාන්ති පූජාද ගෙනාවෝය; එවිට සෙනඟ කන්ටත් බොන්ටත් ඉඳ පසුව සෙල්ලම් කරන්ට නැගුටුණෝය.


ඒක සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ පරම්පරාවල ඔප්පුකළ යුතු නිරන්තර දවන පූජාවක්ය. ඒ කූඩාරම වනාහි නුඹලා සමඟ කථාකරන පිණිස මා නුඹලාට සම්මුඛවන ස්ථානයය.


තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න;


උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.


නෝවා ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා සියලු පවිත්‍ර සිව්පාවුන්ගෙන්ද සියලු පවිත්‍ර පක්ෂීන්ගෙන්ද රැගෙන පූජාසනය පිට දවන පූජා පිදුවේය.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


බාලාම් බාලාක්ට කථාකොට: නුඹ නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම යන්නෙමි; සමහරවිට ස්වාමීන්වහන්සේ මා සම්මුඛවෙන්ට එනසේක. උන්වහන්සේ මට පෙන්වන කොයි දෙයක් නුමුත් නුඹට දන්වන්නෙමියි කියා මුඩු හෙලකට ගියේය.


මක්නිසාද මනාපය තිබේ නම්, යමෙකුට නැති දේ ප්‍රකාරයට නොව ඇති දේ ප්‍රකාරයට පිළිගනු ලැබේ.


ඒ නිසා යේසුස්වහන්සේ නැවත ඔවුන්ට කියනසේක්: සැබවක් සැබවක් නුඹලාට කියමි–බැටළුවන්ගේ දොරකඩ මමය.


බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද?


ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස එය සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට නොගෙනාවොත් ඒ මනුෂ්‍යයා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


තමා කළාවූ පාපය ඔහු දැනගත්තොත්, පූජාව පිණිස එළුවන්ගෙන් කැලල් නැති පිරිමි සතෙකු ගෙනවුත්,


නුඹලා අතරෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනෙන්න. කැමති සිතක් ඇති කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට පඬුරක් කොට රන්ද රිදීද පිත්තලද,


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට කැඳවාගෙන ඔවුන් වතුරෙන් නාවන්න.


කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


ඔහු එළුවන් දෙදෙනා රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ සිටවන්නේය.


ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒක ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්ද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ද වූයේය.


ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ.


එහෙත් ඔහු ඔප්පුකරන තමාගේ පූජාව භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් නම්, ඔහුගේ පූජාව ඔප්පුකරන දවසෙහි එය කෑ යුතුය. එයින් ඉතුරුවෙන දෙය පසුවදා කන්ට පුළුවන.


දවන පූජාවල පූජාසනයද ඔහු ෂිටිම් ලීවලින් සෑදුවේය. ඒක පස් රියනක් දිගද පස් රියනක් පළලද ඇතුව සතරැස්ව තුන් රියනක් උස්ව තිබුණේය.


ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය.


කරන්ට කියා ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවූ සියලුම වැඩවලට යමක් ගෙනෙන්ට සිත් කැමතිකරවනලද්දාවූ සියලු ස්ත්‍රී පුරුෂයෝ ස්වාමීන්වහන්සේ වෙතට ස්වෙච්ඡා පඬුරක් ගෙනාවෝය.


තවද තමුන්ගේ සිත් පොලඹවනලද්දාවූ තමුන්ගේ ආත්මයෙන් කැමති කරනලද්දාවූ සියල්ලෝ අවුත් සම්මුඛවීමේ කූඩාරමේ කර්මාන්ත පිණිසද ඒකේ සියලු මෙහෙය හා ශුද්ධ වස්ත්‍ර පිණිසද ස්වාමීන්වහන්සේට පඬුරු ගෙනාවෝය.


බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.


නුඹේ දවන පූජා එනම් මාංසයත් රුධිරයත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඔප්පුකරන්න. නුඹේ යාග පූජාවල ලේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට වත්කරනු ලැබේ, මාංසය නුඹට කන්නට පුළුවන.


බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා,


ඉදින් දවන පූජාවක් පිණිස ඔහුගේ පූජාව බැටළු රැළෙන්වත් එළු රැළෙන්වත් වන්නේනම්, ඔහු නොකැලල් පිරිමි සතෙකු පූජාකළ යුතුය.


සභාවේ වැඩිමහල්ලෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමන්ගේ අත් ගොනාගේ හිස පිට තැබිය යුතුය. තවද ගොනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මරනු ලබන්නේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:


තවද ඔවුන්ට මෙසේ කියන්න: ඉශ්‍රායෙල් වංශයෙන්වත් ඔවුන් අතරෙහි වසන විදේශීන්ගෙන්වත් දවන පූජාවක් හෝ යාගයක් හෝ පූජාකරන කවරෙක් නුමුත්,


භාරයක් ඉෂ්ටකිරීම පිණිස හෝ සතුටු පඬුරක් පිණිස හෝ නුඹලාගේ නියම මංගල්‍යවලදී හෝ ගවරැළෙන්වත් එළු බැටළු රැළෙන්වත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට නුඹලා ගිනිපූජාවක් ඔප්පුකරනවිට, ඒක දවන පූජාවක් නුමුත් යාග පූජාවක් නුමුත්,


නුඹ භාරයක් ඉෂ්ට කිරීමටවත් ශාන්ති පූජා පිණිසවත් ගොනෙක් දවන පූජාවක් පිණිස නොහොත් යාග පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන විට,


දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.


සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.


ඉදින් ඔහු පාප පූජාවක් පිණිස බැටළු පැටවෙකු ගෙනෙන්නේනම් කැලල් නැති ගෑනු සතෙකු ගෙනේවා.


යමෙක් ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේවල් ගැන වරදක් කොට නොදැනුවත්ව පව්කළොත් ඔහු තමාගේ අපරාධය උදෙසා අපරාධ පූජාවක් පිණිස ශුද්ධ ස්ථානයේ ෂෙකෙලේ හැටියට නුඹ නියමකරන රිදී ෂෙකෙල් ගණනට රැළෙන් කැලල් නැති බැටළුවෙකු ස්වාමීන්වහන්සේ වෙතට ගෙනවුත්,


ඔහු නුඹ නියමකරන ගණනට අපරාධ පූජාවක් පිණිස රැළෙන් කැලල් නැති බැටළුවෙකු පූජකයා වෙතට ගෙනා යුතුය. පූජකයාද ඔහු වැරදිල්ලකින් නොදැන කළ වරද ගැන ඔහු උදෙසා සමගිකමක් කරන්නේය, ඔහුද ක්ෂමාකරනු ලබන්නේය. එය අපරාධ පූජාවක්ය.


යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේට විරුද්ධව වරදක් කරමින් ප්‍රවේසමට භාරගත් දෙයක් ගැන හෝ ගනුදෙනුවක් ගැන හෝ සොරකමක් ගැන හෝ තම අසල්වාසියාට අවිශ්වාස ලෙස ක්‍රියාකළොත්, නොහොත් තම අසල්වාසියාට බලාත්කාරයක් කළොත්,


පාප පූජාවක් පිණිස කැලලක් නැති එළවස්සෙක්ද දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවෙක්ද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි උන් ඔප්පුකරන්න.


අටවෙනි දවසේදී ඔහු කැලලක් නැති බැටළු වස්සන් දෙදෙනෙක්ද කැලලක් නැති අවුරුද්දක බැටළු වැස්සියෙක්ද තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් තුන් කොටසක්ද තෙල් හුණ්ඩුවක්ද ගෙනේවා.


නුඹලා ඒ මිටිය තේවකරන දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද,


නුඹලා ඒ රොටි සමඟ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවස්සන් සත්දෙනෙක්ද එක ගොන් නාම්බෙක්ද බැටළුවන් දෙන්නෙක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ දවන පූජාවක් කොට උන්ගේ ආහාර පූජාද පාන පූජාද සමඟ ඔප්පුකළ යුතුය.


ස්වාමීන්වහන්සේ අණකළ ව්‍යවස්ථාවේ පනත මේය: කැලලක් නැති, සම්පූර්ණවූ, වියගහ නොදැරුවාවූ රතු ගොන් නෑම්බියක් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න.


නුඹලාගේ මාසාරම්භවලදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් ඔප්පුකරන්න; එනම් ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන මිහිරි සුවඳ ඇති දවන පූජාවක් පිණිස කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද,


තවද ස්වාමීන්වහන්සේට දවන පූජාවක් වන ගිනි පූජාවක් කොට කැලල් නැති තරුණ ගොන් දෙදෙනෙක්ද එක බැටළුවෙක්ද එක් අවුරුදු බැටළුපැටවුන් සත් දෙනෙක්ද රැගෙන ඔප්පුකරන්න.


නිරන්තර දවන පූජාව සහ ඒකේ පාන පූජාවද ඇර උන්ද උන්ගේ පාන පූජාවල්ද ඔප්පුකරන්න. උන් කැලල් නැති සත්තු විය යුතුය.


ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් කොට මිහිරි සුවඳක් පිණිස ඔවුන්ගේ නියෝගය ලෙස අමාවක දවසේ දවන පූජාව සහ ඒකේ ආහාර පූජාවද,


සභාව ගෙනා දවන පූජාවල ගණන ගොනුන් හැත්තෑවකුත් බැටළුවන් සියයකුත් බැටළුපැටවුන් දෙසියයකුත්ය. මේ සියල්ල ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිසය.


ඔව්හු මෝසෙස්ගේ පොතෙහි ලියා තිබෙන ලෙස ස්වාමීන්වහන්සේට ඔප්පුකරන පිණිස දවන පූජාව සෙනඟගේ පුත්‍රයන්ගේ පියවංශ බෙදීම්වල හැටියට දීමට වෙන්කළෝය. ගවයින් ගැනත් එසේම කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්