Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 17:5 - Sinhala Revised Old Version

5 මෙසේ අණකරන්නේ ඉශ්‍රායෙල් පුත්‍රයන් එළිමහනේ පූජාකරන තමන්ගේ පූජාවල් ස්වාමීන්වහන්සේ වෙතට සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට පූජකයා වෙතට ගෙනවුත් ශාන්ති පූජාවල් කොට ස්වාමීන්වහන්සේට පූජාකරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මෙම නියෝගයේ තේරුම නම්, ඉශ්රායෙල් ජනයා යාග පූජා පිණිස එළිමහනේ මරන්නට පුරුදු ව සිටිය සතුන් සමිඳාණන් වහන්සේ වෙත රැගෙන යා යුතු බව ය. තවද, ඔවුන් එම සතුන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටින පූජකවරයා වෙත ගෙනවුත්, සහභාගිකමේ පූජා වශයෙන් සමිඳාණන් වහන්සේට පිදීමට එහි දී උන් මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මෙම නියෝගයේ තේරුම නම්, ඉශ්රායෙල් ජනයා යාග පූජා පිණිස එළිමහනේ මරන්නට පුරුදු ව සිටිය සතුන් සමිඳාණන් වහන්සේ වෙත රැගෙන යා යුතු බව ය. තවද, ඔවුන් එම සතුන් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සිටින පූජකවරයා වෙත ගෙනවුත්, සහභාගිකමේ පූජා වශයෙන් සමිඳාණන් වහන්සේට පිදීමට එහි දී උන් මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 17:5
20 හුවමාරු යොමු  

ලේ වගුරුවන පිණිස කේලාම්කියන මනුෂ්‍යයෝ නුඹ තුළ සිටියෝය. නුඹ තුළ කඳු පිට කෑවෝය. නුඹ ඇතුළෙහි සල්ලාලකම්කළෝය.


ඔවුන්ට දෙන ලෙස මා විසින් මාගේ අත ඔසවා දිවුරුම් දුන් දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල, ඔව්හු සියලු උස් හෙල්ද අතු ඝනව තිබෙන සියලු ගස්ද දැක එහි තමුන්ගේ පූජා ඔප්පුකළෝය, උදහස් කරවන තමුන්ගේ පඬුරු එහි පිදුවෝය, එහි ඔව්හු තමුන්ගේ සුගන්ධ ද්‍රව්‍ය සාදා, එහිම තමුන්ගේ පානපූජා වැගිරෙවුවෝය.


ඔහු උස්තැන්වලත් හෙල් පිටත් සියලු අමු ගස් යටත් පූජාද සුවඳ දුම්ද ඔප්පුකෙළේය.


උස්වූ සියලු හෙල් පිටද සියලු විශාල ගස් යටද රූපස්තම්භ සහ අෂේරා කණු පිහිටුවාගෙන,


ඔහු උස් තැන්වලත් හෙල් පිටත් සියලු විශාල ගස් යටත් පූජා ඔප්පුකොට සුවඳ ද්‍රව්‍ය දැවුවේය.


ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;


නුඹලා පන්නා දමන ජාතීන් විසින් උස් කඳු පිටද හෙල් පිටද සියලු අමු ගස් යටද තමුන්ගේ දෙවිවරුන්ට සේවය කළාවූ සියලු ස්ථාන විනාශකොට,


ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය.


තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


ආබ්‍රහම් ඇස් ඔසවා බැලූ විට, බලව, තමා පිටිපස බැටළුවෙක් උගේ අංවලින් අකුලේ පටලැවී සිටිනවා දුටුයේය. එවිට ආබ්‍රහම් ගොස් ඒ බැටළුවා රැගෙන තමාගේ පුත්‍රයා වෙනුවට දවන පූජාවක් කොට ඔප්පුකෙළේය.


උන්වහන්සේ: නුඹේ පුත්‍රවූ නුඹ ප්‍රේමකරන නුඹේ එකම පුත්‍රවූ ඊසාක් රැගෙන මොරියා දේශයට ගොස්, මා විසින් නුඹට කියන කන්දක් පිට දවන පූජාවක් වශයෙන් ඔහු ඔප්පුකරවයි කීසේක.


ආබ්‍රහම් බෙයර්-ෂෙබාහි ඒෂෙල් ගසක් සිටුවා එතැන්හි සදාකාල දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.


කඳවුරේදී හෝ පිටතදී හෝ ඌ මැරුවොත් ඒ මනුෂ්‍යයාට ලේ අපරාධය තබනු ලැබේ; ඒ මනුෂ්‍යයා ලේ වැගිරෙවු බැවින් ඔහු තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.


පූජකයාද ඒ ලේ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිට තිබෙන ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිට ඉස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් පිණිස තෙල දැවිය යුතුය.


ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ නුඹලාගේ දවන පූජාද නුඹලාගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද නුඹලා පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.


නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයන් මා වෙතින් මුළාව ගිය විට මාගේ ශුද්ධස්ථානයේ සේවය පැවැත්තුවාවූ ලෙවීවරුන්වූ පූජකයන් වන ශාදොක්ගේ පුත්‍රයන්ට නම් මට සේවයකිරීමට මා ළඟට පැමිණෙන්ටත් තෙල සහ ලේ මට ඔප්පු කිරීමට මා ඉදිරියෙහි සිටින්ටත් පුළුවනැයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඒ දවස් වන තුරු ස්වාමීන්වහන්සේගේ නාමයට කිසි ගෘහයක් ගොඩනගා නොතිබුණු බැවින් සෙනඟ උස් තැන්වල පූජා ඔප්පුකළෝය.


සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර ස්වාමීන්වහන්සේට ප්‍රේම කෙළේය. නුමුත් ඔහු උස් තැන් පිට පූජා හා සුවඳ දුම් ඔප්පුකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්