Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 9:4 - Sinhala Revised Old Version

4 ශාන්ති පූජාව පිණිස ගොනෙක්ද බැටළුවෙක්ද තෙල් මිශ්‍රවූ ආහාර පූජාවක්ද ගෙනෙන්න. මක්නිසාද අද ස්වාමීන්වහන්සේ නුඹලාට පෙනෙනසේකැයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 9:4
18 හුවමාරු යොමු  

එහිදී මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සම්මුඛ වන්නෙමි; මාගේ මහිමයෙන් කූඩාරම විශුද්ධ කරනු ලබන්නේය.


මෝසෙස් සහ ආරොන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්ව පිටට අවුත් සෙනඟට ආශීර්වාද කළෝය. එවිට ස්වාමීන්වහන්සේගේ මහිමය මුළු සෙනඟට පෙනුණේය.


මෝසෙස්ද: නුඹලා විසින් කළ යුතුයයි ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස නුඹලාට පෙනෙන්නේයයි කීය.


එවිට ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස නැගෙනහිර දිශාවෙන් එනවා දුටුමි. උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන් විය. පොළොවද උන්වහන්සේගේ තේජසින් බැබළුණේය.


කෝරාද ඔවුන්ට විරුද්ධව මුළු සභාව සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස් කෙළේය. එවිට ස්වාමීන්වහන්සේගේ තේජස මුළු සභාවට පෙනුණේය.


එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය.


යමෙක් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන කල ඔහුගේ පූජාව සිහින් පිටිවලින් විය යුතුය; ඔහු ඊ පිට තෙල් වත්කොට, ඊ පිට තුවරලා දමා,


ස්වාමීන්වහන්සේගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක.


මක්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවෙහි සීනයි කන්ද පිටට බසිනසේක.


ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේගේ තේජස වලාකුළෙහි පෙනුණේය.


නුඹ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින්: ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පූජාකරන්ට පාප පූජාවක් පිණිස එළුවෙක්ද දවන පූජාවක් පිණිස අවුරුද්දක් පිරුණු කැලලක් නැති එළවස්සෙක් හා බැටළු පැටවෙක්ද,


ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.


ඔහුගේ පූජාව ශාන්ති පූජාවක් නම්, ඔහු ගවරැළෙන් පිරිමි සතෙකු හෝ ගෑනු සතෙකු හෝ පුදන්නේනම්, කැලල් නැති එකෙකු ස්වාමීන්වහන්සේ ඉදිරියේ පූජාකළ යුතුය.


ඒ දවස් තින්දුවුණාම අටවෙනි දවසෙත් මතුත් පූජකයෝ නුඹලාගේ දවන පූජාද නුඹලාගේ ශාන්ති පූජාද පූජාසනය පිට ඔප්පු කරත්වා; මමද නුඹලා පිළිගන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ වදාරනසේකැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්