ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




නික්මයාම 13:5 - Sinhala Revised Old Version

තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.

පරිච්ඡේදය බලන්න



නික්මයාම 13:5
31 හුවමාරු යොමු  

මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;


යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය.


හිවීයයාද අර්කියයාද සීනියයාද;


මේ දෙය නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලේටම නියෝගයක් කොට පවත්වන්න.


එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.


ස්වාමීන්වහන්සේ නුඹටත් නුඹේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට නුඹ ගෙනවුත් එය නුඹට දුන් කල්හි,


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


ඔබගේ මෙහෙකරුවන්වූ ආබ්‍රහම්ද ඊසාක්ද ඉශ්‍රායෙල්ද සිහිකළ මැනව, ඔබ ඔබවහන්සේ ගැනම ඔවුන්ට දිවුරමින්: නුඹලාගේ වංශය අහසේ තාරකා මෙන් බෝකොට මා කීවාවූ මේ මුළු දේශය නුඹලාගේ වංශයට දෙන්නෙමි, ඔව්හු එය සදාකාලේටම උරුමකරගන්නෝයයි ඔබ කීසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.


අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.


ඔවුන් විදේශීව සිටියාවූ ඔවුන්ගේ පොරොත්තුව සිටීමේ රට වූ කානාන් දේශය ඔවුන්ට දෙන පිණිස ඔවුන් සමඟ මාගේ ගිවිසුමද පිහිටෙවුවෙමි.


ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.


එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.


ඔවුන්ට දෙන ලෙස ඔබ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරිද මීපැණිද ගලායන දේශයක් වන මේ දේශය ඔවුන්ට දුන්සේක;


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


මේ සියලු සෙනඟ කුසේ දැරුවේ මමද? ඇතිකරන පියෙක් කිරි බොන දරුවා උසුලාගෙන යන්නාක්මෙන් ඔවුන්ගේ පියවරුන්ට ඔබ දිවුළ දේශයට ඔවුන් නුඹේ ළයේ උසුලාගෙන යන්නැයි ඔබ මට කියන්ට ඔවුන් ඉපදෙවූවේ මමද?


ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.


ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.


නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.


සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගියාවූ කෙනෙස්සියවූ යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර,


නුඹ විසින් අත්පත්කරගන්ට යන ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙන් සිඳදැමූ කල්හි, නුඹ ඔවුන් පන්නාදමා ඔවුන්ගේ දේශයෙහි වාසය කරන විට,


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි සිටින ජාතීන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් සිඳ දමන කල්හි, නුඹ ඔවුන්ගේ දේශය හිමිකරගෙන ඔවුන්ගේ නුවරවල සහ ගෙවල්වල වාසයකරන විට:


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට නුඹ පැමිණ ඒක හිමිකරගෙන එහි වසන කල්හි,


නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


නුඹලා යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද නුඹලාට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි.