Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 24:11 - Sinhala Revised Old Version

11 නුඹලා යොර්දානෙන් මෙගොඩ වී යෙරිකෝවට පැමුණුණහුය. යෙරිකෝවේ වැසියෝද අමෝරිවරුද පෙරිස්සිවරුද කානානිවරුද හිත්තීවරුද ගිර්ගාෂිවරුද හිවීවරුද යෙබූසිවරුද නුඹලාට විරුද්ධව සටන්කළෝය; මම ඔවුන් නුඹලා අතට පාවාදුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නුඹලා ජොර්දානින් එගොඩ වී ජෙරිකෝවට පැමිණියහු ය. ජෙරිකෝවේ වැසියෝ ද අමෝරිවරු ද පෙරිස්සිවරු ද කානානිවරු ද හිත්තීවරු ද ගිර්ගාෂිවරු ද හිවීවරු ද ජෙබුසිවරු ද නුඹලාට විරුද්ධ ව සටන් කළෝ ය. මම ඔවුන් නුඹලා අතට පාවා දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:11
25 හුවමාරු යොමු  

උන්වහන්සේ කානාන් දේශයේ ජාතීන් හතක් විනාශකොට, අවුරුදු හාරසිය පනහක් පමණ කාලයකට ඒ ජාතීන්ගේ දේශය උරුමයක් කොට ඔවුන්ට දුන්සේක.


අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය.


එම්බා මුහුද, නුඹ පලායන්නෙත්, යොර්දාන, නුඹ ආපසු හැරෙන්නෙත් නුඹලාට කුමක් වෙලාද?


මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.


ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂාකරන පිණිසත්, උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත්,


මක්නිසාද පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් ස්වාමීන්වහන්සේගේ හස්තය බලවත් බව දැනගන්න පිණිසත්, ඔවුන් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සෑම කල්හිම භයවෙන පිණිසත්,


නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,


මක්නිසාද මාගේ දූතයා නුඹට පෙරටුව ගොස් අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද වෙතට නුඹ පමුණුවනසේක. මමද ඔවුන් සිඳදමන්නෙමි.


කේනිවරුන්ද කෙනිස්සිවරුන්ද, කද්මොනිවරුන්ද


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.


නුඹ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස නුඹට පෙරටුව දෙබරුන් යවන්නෙමි.


මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.


මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.


යෝෂුවා කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේ නුඹලා අතරෙහි සිටින බවත් උන්වහන්සේ නොවරදවාම නුඹලා ඉදිරියෙන් කානානිවරුන්ද හිත්තීවරුන්ද හිවීවරුන්ද පෙරිස්සිවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන බවත් නුඹලා මෙයින් දැනගන්නහුය.


තවද මුළු සෙනඟ සම්පූර්ණයෙන් යොර්දානෙන් එතරවූ කල ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට:


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


ඔව්හු එක් සිත්ව යෝෂුවාට සහ ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව යුද්ධකරන්ට එකට රැස්වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්