Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 14:16 - Sinhala Revised Old Version

16 ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ‘සමිඳාණන් වහන්සේ ඔවුන්ට දිවුරා පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකි වූ බැවින්, උන් වහන්සේ ඔවුන් පාළුකරයේ දී මරාදැමූ සේකැ’යි කියන්නාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 14:16
6 හුවමාරු යොමු  

බැලුවොත් ඔබ යම් දේශයකින් අප පිටතට ගෙනාසේක්ද එහි වැසියන් කථාකොට: ස්වාමීන්වහන්සේ ඔවුන්ට පොරොන්දුවුණ දේශයට ඔවුන් පමුණුවන්ට උන්වහන්සේට නොහැකිවූ බැවින්ද උන්වහන්සේ ඔවුන්ට වෛරවුණ බැවින්ද කාන්තාරයේදී ඔවුන් මරණ පිණිස පිටතට ගෙනාසේකැයි කියනවා ඇත.


කානානිවරුන්ද දේශයේ සියලු වැසියන්ද ඒ අසා අප වටලා අපේ නාමය පොළොවෙන් සිඳදමනවා ඇත. එවිට ඔබගේ මහත් නාමය ගැන ඔබ කරන්නේ කුමක්දැයි කීය.


යෝෂුවා: අහෝ, ස්වාමිවූ දෙවියන්වහන්ස, අප නැතිකරන පිණිස අමෝරිවරුන් අතට අප පාවාදීමට ඔබ මේ සෙනඟ යොර්දානෙන් මෙගොඩට පැමිණෙවුවේ මක්නිසාද? අනේ අපි යොර්දානෙන් එගොඩ වාසයකරන්ට සතුටුවුණෙමුනම් හොඳය.


එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය,


උන්වහන්සේ ඔවුන් පිටතට ගෙනගියේ නපුර පිණිසය, එනම් කඳුවලදී ඔවුන් මරා පොළෝතලය මතු පිටින් ඔවුන් නාස්තිකරන පිණිසයයි කියන්ට මිසරවරුන්ට ඉඩදෙන්නේ මක්නිසාද? ඔබගේ තද උදහසෙන් හැරී ඔබගේ සෙනඟට පමුණුවන්ට යන මේ විපත ගැන තැවුණ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්