Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:27 - Sinhala Revised Old Version

27 ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 ඔව්හු මෝසෙස් අමතා, “ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:27
22 හුවමාරු යොමු  

එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.


මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක.


නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණ හැටියට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක් ව තිබෙන දේශයට ඇතුල්වෙන පිණිස නුඹ එතරව ගිය කල්හි, මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඒවා පිට ලියන්න.


මේ ස්ථානයට අප ගෙනවුත්, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන මේ දේශය අපට දුන්සේක.


නුඹලාගේ පියවරුන්ටත් ඔවුන්ගේ වංශයටත් දෙන ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළාවූ කිරි හා මීපැණි ගලායන්නාවූ දේශය මතුපිට නුඹලාගේ දවස් වැඩිකර ගන්නා පිණිසද මා විසින් අද නුඹලාට අණකරන මුළු ආඥාව පවත්වන්න.


එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.


ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත.


තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා–


ඔවුන්ට දෙන ලෙස ඔබ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරිද මීපැණිද ගලායන දේශයක් වන මේ දේශය ඔවුන්ට දුන්සේක;


එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.


මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.


එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය.


ඒ ඇර කිරිද මීපැණිද ගලායන දේශයකට නුඹ අප ගෙනාවේවත් කෙත් හා මිදිවතු අපට උරුමකොට දුන්නේවත් නැත. මේ මිනිසුන්ගේ ඇස් උගුලා දමන්ට සිතන්නෙහිද? අපි නොඑමුයයි කීවෝය.


ඔව්හු පවුරු ඇති නුවරවල්ද සාරවූ රටක්ද අල්ලාගන, සියලු ආකාර හොඳ දේවලින් පිරී තිබුණු ගෙවල්ද හෑරූ තටාකද මිදි වතුද ඔලීව වතුද ඵලදෙන බොහෝ ගස්ද හිමිකරගන, කා තෘප්තියට පැමිණ තරවී, ඔබගේ මහත් යහපත්කම කරණකොටගෙන සැපෙන් පසුවූවෝය.


කාන්තාරයෙහි අප මරන පිණිස කිරිද මීපැණිද ගලා යන දේශයකින් නුඹ අප ගෙනාවා මදිවාට නුඹම අප කෙරෙහි අධිපතියෙක් වෙන්ටත් හදනවාද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්