Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:11 - Sinhala Revised Old Version

11 අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අද දින මා නුඹට අණ කරන පණත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අද දින මා නුඹට අණ කරන පනත් පිළිපදින්න. බලන්න, නුඹ යන්න කලින් අමෝරිවරුන්, කානානිවරුන්, හිත්තීවරුන්, පෙරිස්සිවරුන්, හිවීවරුන් හා ජෙබුසිවරුන් මම පන්නාදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:11
23 හුවමාරු යොමු  

මම නුඹට පෙරටුව දූතයෙකු යවා කානානිවරුන්ද අමෝරිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද පන්නාදමන්නෙමි.


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකර තිබෙන ලෙස මේ මුළු ආඥාව පවත්වන්ට බලාගනිමුනම් ඒ අපට ධර්මිෂ්ඨකම වන්නේයයි කියන්න.


එබැවින් ඉශ්‍රායෙල්, නුඹට ශුභ සිද්ධවන පිණිසත් නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පොරොන්දුවුණු ලෙස කිරි හා මීපැණි ගලායන දේශයකදී නුඹලා අතිශයින් වැඩිවෙන පිණිසත් එය අසා ඉෂ්ටකරන්ට බලාගන්න.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රකාශවන්නෙමියි කීසේක.


මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.


තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.


මා විසින් නුඹලාට අණකරන සියලුම දේ කරන්ට බලාගන්න. නුඹ ඊට කිසිවක් එකතු නොකළ යුතුය, එයින් කිසිවක් අඩු නොකළ යුතුය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුයෙහි යහපත්වූ හරිවූ දේ කරන කල්හි නුඹටත් නුඹට පසු නුඹේ දරුවන්ටත් සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස මා නුඹට අණකරන මේ සියලු වචන අසන්ට බලාගන්න.


නුඹේ ඇස්වලින් දුටු මහත් පරීක්ෂණද ලකුණුද ආශ්චර්යයන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පිටතට ගෙනාවාවූ ඒ බලසම්පන්න හස්තය හා දිගුකළ බාහුවද මනාකොට සිහිකරගන්න. නුඹ භයවෙන්නාවූ සියලුම ජනයන්ට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේම කරනවා ඇත.


එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.


නුඹටත් නුඹෙන් පසු නුඹේ දරුවන්ටත් ශුභසිද්ධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සදාකාලයටම නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ පනත් සහ ආඥා පවත්වන්නැයි කීවේය.


නුඹ ඉදිරියෙන් හිවීවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පන්නන පිණිස නුඹට පෙරටුව දෙබරුන් යවන්නෙමි.


සදාකාල දෙවියන්වහන්සේ නුඹේ වාසස්ථානයය, යටින් සදාකාල හස්තයෝ නුඹ දරා සිටින්නෝය. නුඹ ඉදිරියෙන් උන්වහන්සේ සතුරන් පන්නා දමා, ඔවුන් විසින් විනාශ කරවයි කීසේක.


තවද ඒ දවස්වලදී සමහර යූදාවරුන් අෂ්දෝද්හිද අම්මොන්හිද මෝවබ්හිද ස්ත්‍රීන් පාවාගෙන සිටිනවා දුටුවෙමි.


අපි තුන් දිනක ගමන් වනාන්තරයට ගොස් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකරන ලෙස උන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුයයි කීවේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම, නුඹලා ඉදිරියෙන් ඔවුන් එළවා නුඹලා ඉදිරිපිටින් ඔවුන් පන්නා දමනවා ඇත; නුඹලාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට කී හැටියට ඔවුන්ගේ දේශය හිමිකර ගන්නවා ඇත.


යෙබූසියයාද අමෝරියයාද ගිර්ගාෂියයාද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්