Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 20:24 - Sinhala Revised Old Version

24 එහෙත්: නුඹලා ඔවුන්ගේ දේශය හිමිකරගන්නහුය, කිරිද මීපැණිද ගලා යන දේශයක් වන ඒක හිමිකරගන්නා පිණිස නුඹලාට දෙන්නෙමියි නුඹලාට කීයෙමි. මම වනාහි ජාතීන් කෙරෙන් නුඹලා වෙන්කර ගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන ඔවුන්ගේ දේශය මම නුඹලාට උරුම කොට දෙන බවටත්, එය නුඹලාට හිමි කොට දෙන බවටත් පොරොන්දු වුණෙමි. අවශේෂ ජාතීන්ගෙන් නුඹලා වෙන් කළ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 20:24
17 හුවමාරු යොමු  

මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය, ස්වාමීන්වහන්සේද පොළෝතලයෙහි වසන සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


මක්නිසාද නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ශුද්ධ සෙනඟක්ය. පොළෝතලයෙහි සිටින සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ස්වාමීන්වහන්සේ තමන් සන්තක සෙනඟක් වන පිණිස නුඹ තෝරාගත් සේක.


ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දෙන ලෙස යම් දේශයක් ගැන මාගේ අත එසවීම්ද ඒ දේශයට නුඹලා පමුණුවා උරුමයක් කොට ඒක නුඹලාට දෙන්නෙමි. මම යෙහෝවඃවහන්සේයයි කියන්නැයි කීසේක.


මම නුඹලා මිසරයේ පීඩාවෙන් මුදා කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද දේශය වූ කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට පමුණුවන්නෙමියි කීයෙමියි මට කීසේකැයි ඔවුන්ට කියන්න.


එබැවින් මිසරවරුන්ගේ අතින් ඔවුන් නිදහස්කර ඒ රටින් පිටත්කොට යහපත්වූ විශාලවූ දේශයකට, කිරි සහ මීපැණි ගලායන්නාවූ දේශයකට, එනම් කානානිවරුන්ගේද හිත්තීවරුන්ගේද අමෝරිවරුන්ගේද පෙරිස්සිවරුන්ගේද හිවීවරුන්ගේද යෙබූසිවරුන්ගේද ඉඩමට පමුණුවන්ට බැස්සෙමි.


නුඹලා මට ශුද්ධව සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය, මාගේ සෙනඟ වන පිණිස මනුෂ්‍ය ජාතීන් අතරෙන් නුඹලා වෙන්කරගතිමි.


මක්නිසාද මටත් ඔබගේ සෙනඟටත් ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනඟද භූමිය මතුපිට සිටින මුළු සෙනඟ කෙරෙන් වෙන්කරනුලබන ලෙස අප සමඟ ඔබගේ යාමෙන් නොවේදැයි උන්වහන්සේට කීසේක.


නුමුත් අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනඟක්ද වන්නහුය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබ අපේ පියවරුන් මිසරයෙන් ගෙනාවිට ඔබගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා කථාකෙරෙවු ප්‍රකාරයට, ඔබට උරුමයක් කොට ඔබම පොළොවේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරෙන් ඔවුන් වෙන් කරගත්සේකැයි කීවේය.


මක්නිසාද පර්වත මුදුනේ සිට ඔහු දකිමි, හෙල්වල සිට ඔහු බලමි. බලව, ඔව්හු හුදකලාව වසන සෙනඟකි, ඔව්හු ජාතීන් අතරේ තමුන්ම ගණන්කර නොගන්නෝය.


ඒක කිරිද මීපැණිද ගලා යන දේශයක්ය. නුඹ තද කුළල් ඇති සෙනඟක් බැවින් මාර්ගයේදී මා විසින් නුඹලා විනාශනොකරන පිණිස නුඹලා අතරේ නොයන්නෙමියි කීසේක.


තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය.


එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන,


නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ සහ නුඹ විසින් මිසර දේශයෙන් ගෙනා සෙනඟද මෙතැනින් පිටත්ව: නුඹේ වංශයට දෙන්නෙමියි මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් දිවුළ දේශයට යන්න.


නුඹලාට භුක්තියක් පිණිස මා විසින් දෙන කානාන් දේශයට නුඹලා පැමුණුණ කල්හි නුඹලා භුක්තිවිඳින දේශයේ ගෙයකට මම කුෂ්ඨරෝගය පැමිණෙවුවෙම්නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්