එසකියෙල් 20:6 - Sinhala Revised Old Version6 ඒ දවසේදී, මා විසින් ඔවුන් උදෙසා තෝරාගන තිබුණාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවයි කියා මම ඔවුන්ට මාගේ අත ඔසවා– පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 මිසර දේශයේ දී මා ඔවුන්ට ප්‍රකාශ වූ දවසේ දී, මම මෙසේ වදාළෙමි: මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ යැයි මිසර දේශයේ දී ඔවුන්ට දිවුරා කීවෙමි. මා ඔවුන් උදෙසා තෝරාගත්, කිරෙන් ද මී පැණියෙන් ද ඉතිරෙන, අන් සියලු දේශවලට වඩා උතුම් දේශයකට මිසර දේශයේ සිට ඔවුන් පමුණුවන්නෙමි කියා ඒ දවසෙහි මම ඔවුන්ට පොරොන්දු වුණෙමි. පරිච්ඡේදය බලන්න |
මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.