ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.
ගීතාවලිය 37:39 - Sinhala Revised Old Version නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක. Sinhala New Revised Version හිමි තුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. Sinhala New Revised Version 2018 හිමිතුමාණෝ දැහැමියන් ගළවන සේක. විපතේ දී ඔවුන්ට බලකොටුවක් වන සේක. |
ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.
මෙසේ ස්වාමීන්වහන්සේ හෙසකියාද යෙරුසලමේ වැසියන්ද අෂූර්හි රජවූ සෙනකෙරිබ්ගේ අතින්ද අනික් සියල්ලන්ගේ අතින්ද ගළවා, හැම අතින්ම ඔවුන් ආරක්ෂාකළසේක.
ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
මාගේ පර්වතයත් මාගේ ගැළවීමත් උන්වහන්සේ පමණක්ය. උන්වහන්සේ මාගේ බලකොටුවය; මම බොහෝසෙයින් නොසෙල්වන්නෙමි.
ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාසකරන්නාහුය; මක්නිසාද ස්වාමිනි, ඔබ සොයන්නන් ඔබ අත්නෑරියසේක.
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
බලව, දෙවියන්වහන්සේ මාගේ ගැළවීමය; මම විශ්වාසකරමි, භය නොවන්නෙමි. මක්නිසාද ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මගේ සවියත් ගීතිකාවත්ය; උන්වහන්සේ මාගේ ගැළවීම වූසේකැයි කියන්නෙහිය.
ස්වාමීන්වහන්ස, අපට දයාවුව මැනව; අපි ඔබ ගැන බලාසිටියෙමුව. උදයක් පාසා ඔවුන්ගේ බල-හස්තයද විපත්ති කාලයේදී අපේ ගැළවීමද වුව මැනව
මම මේ සෙනඟට විරුද්ධව නුඹ බලවත් පිත්තල පවුරක් කරන්නෙමි; ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය, නුමුත් නුඹෙන් ජය නොගන්නෝය. මක්නිසාද නුඹ ගළවන්ටත් නිදහස් කරන්ටත් මම නුඹ සමඟ සිටිමි.
ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.
එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි; බාරවූ දේ ගෙවන්නෙමි. ගැළවීම අයිති ස්වාමීන්වහන්සේට යයි කීවේය.
මක්නිසාද ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය.
ප්‍රීතිය ඇතුව සියලු ආකාර ස්ථිරකමටත් ඉවසිලිවන්තකමටත් උන්වහන්සේගේ තේජසේ පරාක්‍රමයේ හැටියට සියලු ආකාර බලයෙන් ශක්තිමත් වෙමින්ද,
නුමුත් මා කරණකොටගෙන පණිවිඩය සම්පූර්ණලෙස ප්‍රකාශවන පිණිසත් එය සියලු අන්‍යජාතීන්ට අසන්ට ලැබෙන පිණිසත් ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත්කළසේක. මම සිංහයාගේ කටින් මුදනු ලැබීමි.