Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 15:20 - Sinhala Revised Old Version

20 මම මේ සෙනඟට විරුද්ධව නුඹ බලවත් පිත්තල පවුරක් කරන්නෙමි; ඔව්හු නුඹට විරුද්ධව යුද්ධකරන්නෝය, නුමුත් නුඹෙන් ජය නොගන්නෝය. මක්නිසාද නුඹ ගළවන්ටත් නිදහස් කරන්ටත් මම නුඹ සමඟ සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 15:20
27 හුවමාරු යොමු  

නුඹේ නළල ගිනිගලට වඩා තදවූ විදුරක් මෙන් කෙළෙමි. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් ඔවුන්ට භය නොවන්න, ඔවුන්ගේ රවාබැල්මට නොකැලඹෙන්නැයි මට කීසේක.


ඔවුන්ට භය නොවන්න; මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීසේක.


භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


සේනාවල ස්වාමීන්වහන්සේ අප සමඟය; යාකොබ්ගේ දෙවියන්වහන්සේ අපේ බලකොටුවය.


ස්වාමීන්වහන්සේ නුඹේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.


නුඹ මාගේ සෙනඟගේ මාර්ගය විභාගකර දැනගන්නා පිණිස මම නුඹ ඔවුන් අතරෙහි විභාගකරන්නෙක්ද බලකොටුවක්ද කෙළෙමි.


එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භීණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.


අහෝ මාගේ මෑණියෙනි, මුළු දේශය සමඟ තරඟද විවාදද කරන මනුෂ්‍යයෙකු වෙන්ට නුඹ මා බිහිකළ නිසා මට දුක්වේ! මම ණය නුදුන්නෙමි, ණය නොගත්තෙමි; එහෙත් සියල්ලෝම මට ශාපකරති.


ස්වාමීන්වහන්ස, ඔබම දන්නාසේක. මා සිහිකොට, මා දෙස බලා, මාගේ පීඩාකාරයන්ගෙන් මා ගැන පළිගත මැනව; [ඔවුන් කෙරෙහි ඇති] ඔබගේ ඉවසිලිවන්තකම නිසා, මා තුරන් නොකළ මැනව, මා ඔබ නිසා නින්දාව ඉසිලූ බව සිහිකළ මැනව.


මෙසේ යෙරෙමියා යෙරුසලම අසුවුණ දවස දක්වා හිරගෙයි මළුවේ සිටියේය.


ඉක්බිති බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් යෙරෙමියා ගැන රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන්ට අණකරමින්:


නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවයකරන අපේ දෙවියන්වහන්සේට පුළුවන; රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවනසේක.


නුමුත් ධර්මිෂ්ඨයන්ගේ ගැළවීම ස්වාමීන්ගෙන්ය. විපත්ති කාලයේදී උන්වහන්සේ ඔවුන්ගේ බලකොටුව වනසේක.


බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව නුඹේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව නුඹේ නළලත් දැඩිකෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්