ගීතාවලිය 34:12 - Sinhala Revised Old Version ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද? Sinhala New Revised Version සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද? Sinhala New Revised Version 2018 සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද? |
අපට යහපතක් දක්වන්නේ කවරෙක්දැයි බොහෝ දෙන කියති. ස්වාමිනි, ඔබගේ මුහුණේ එළිය අප කෙරෙහි බැබළෙවුව මැනව.
ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥාවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙත් මෝඩකම අල්ලාගන්නෙත් කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.
තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන හැටියට ඔවුන්ට දිවුළ භූමිය මතුපිට නුඹ වාසයකරන පිණිස, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකොට, උන්වහන්සේගේ හඬට කීකරුවී, උන්වහන්සේට ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයයයි කීවේය.
නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.
ඇරත් මා විසින් නුඹලා උදෙසා යාච්ඤා නොකර සිටීමෙන් ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කිරීම මාගෙන් දුරුවේවා. මම යහපත්වූ හරිවූ මාර්ගය නුඹලාට උගන්වන්නෙමි.