Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 21 - Sinhala Revised Old Version


ජයගැනීම ගැන ප්‍රශංසාව

1 ස්වාමිනි, රජතෙම ඔබගේ ශක්තියෙන් ප්‍රීතිවන්නේය; ඔබගේ ගැළවීම කෙරෙහි ඔහු කොපමණ මහත් ලෙස ප්‍රීතිවන්නේද!

2 ඔහුගේ සිතේ ආශාව ලෙස ඔබ ඔහුට දුන්සේක, ඔහුගේ මුඛයෙන් ඉල්ලූ දේ ඔහුගෙන් නොවැලැක්වූසේක.

3 මක්නිසාද ඔබ යහපත් වරයන් රැගෙන ඔහු ඉදිරියට එනසේක, ඔහුගේ හිස පිට පවිත්‍ර රන් ඔටුන්නක් තබනසේක.

4 ඔහු ඔබගෙන් ජීවිතය ඉල්ලුවේය; ඔබ ඔහුට සදාකල් පවතින දීර්ඝායුස දුන්සේක.

5 ඔබගෙන් ලැබුණු ගැළවීම කරණකොටගෙන ඔහුගේ ප්‍රශංසාව මහත්ය. ඔබ ගෞරවය හා මහිමය ඔහු පිට තබනසේක.

6 මක්නිසාද ඔබ සදාකල්ම ඔහු ඉතා ආශීර්වාදලද්දෙක් කරනසේක. ඔබ ඉදිරියෙහිවූ ප්‍රීතියෙන් ඔහු සන්තෝෂකරවනසේක.

7 මක්නිසාද රජතෙම ස්වාමීන් කෙරෙහි විශ්වාසකරයි, මහෝත්තමයාණන්ගේ කරුණාගුණයෙන් ඔහු නොසෙල්වී සිටින්නේය.

8 නුඹේ අතට නුඹේ සියලු සතුරෝද නුඹේ දකුණතට නුඹට වෛරවන්නෝද අසුවන්නෝය.

9 ඔබ කෝපවූ කල ඔවුන් ගිනි උදුනක්මෙන් කරනසේක. ස්වාමීන්වහන්සේ තමන් උදහසින් ඔවුන් නැතිකර දමනසේක, ගින්නද ඔවුන් දවා ලන්නේය.

10 ඔබ ඔවුන්ගේ වංශය පොළොවෙන්ද ඔවුන්ගෙන් පැවත එන්නන් මනුෂ්‍ය පුත්‍රයන් අතරෙන්ද විනාශකරනසේක.

11 මක්නිසාද ඔව්හු ඔබට විරුද්ධව නපුර සිතුවෝය. තමුන්ට ඉෂ්ටකරන්ට බැරිවූ උපායක් යෙදුවෝය.

12 මක්නිසාද ඔවුන් පිටුපාන්ට ඔබ සලස්වනසේක, ඔබගේ දුනුදිය රැගෙන ඔවුන්ගේ මුහුණු දෙසට යොදනසේක.

13 ස්වාමිනි, ස්වකීය ශක්තියෙන් උසස් වුවමැනව. එවිට අපි ගී කියමින් ඔබගේ බලය ගැන ප්‍රශංසාකරන්නෙමුව.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්