Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

හිතෝපදේශ 9 - Sinhala Revised Old Version


ප්‍රඥාවේ ගෘහය සහ අඥානකමේ ගෘහය

1 ප්‍රඥාතොමෝ ඇගේ ගෙය ගොඩනගා, ඇගේ කුළුනු සත කපා තිබේ.

2 ඇගේ සතුන් මරා, ඇගේ මුද්‍රිකපානය මිශ්‍රකොට, ඇගේ මේසයද පිළියෙළකර තිබේ.

3 ඇගේ තරුණියන් ඈ පිටත්කර හැර: අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවයි

4 නගරයේ උස්තැන්හි සිට මොරගසන්නීය. තේරුම් නැති තැනැත්තාට ඈ මෙසේ කියයි:

5 එන්න, මාගේ කෑමෙන් කා, මා පෙරා තිබෙන මුද්‍රිකපානයෙන් බොන්න.

6 මෝඩකම් අත්හැර ජීවත්වෙන්න; ප්‍රඥා මාර්ගයෙහි යන්න.

7 නින්දාකරන්නෙකුට අවවාදකරන්නා තමාට ලජ්ජාවද, දුෂ්ටයෙකුට තරවටුකරන්නා තමාට කැලලක්ද පමුණුවාගන්නේය.

8 නින්දාකරන්නෙකුට තරවටු නොකරන්න, එසේ කළොත් ඔහු නුඹට වෛරවෙයි. ඥානවන්තයෙකුට තරවටුකරන්න, ඔහු නුඹට ප්‍රේමකරයි.

9 ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.

10 ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය. ශුද්ධ තැනැන්වහන්සේ දැනගැනීම නුවණ වේ.

11 මක්නිසාද මා කරණකොටගෙන නුඹේ දවස් වැඩිවෙයි, ජීවිතයේ අවුරුදුද නුඹට එකතුකරනු ලැබේ.

12 නුඹ ඥානවන්ත නම්, නුඹ ඥානවන්තවන්නේ නුඹ උදෙසාය. නුඹ නින්දාකරන්නෙහි නම්, නුඹම එය ඉවසන්නෙහිය.

13 අඥාන ස්ත්‍රිය ඝෝෂාකාරීව, මෝඩව, කිසිත් නොදැන සිටින්නීය.

14 තමුන්ගේ මාර්ගවල කෙළින්ම යමින් ගමනේ යෙදෙන අයින්ට අඬගසන පිණිස,

15 ඈ නගරයේ උස් තැන්වල ඇගේ ගෙයි දොරකඩ ආසනයක හිඳගන්නීය.

16 අනුවණවූ කවුරු නුමුත් මෙහි හැරී ඒවායි කියන්නීය. තේරුම් නැති අයට ඈ කථාකොට:

17 සොරෙන් ගත් වතුර මිහිරිය, රහසින් කන කෑම රසවත්යයි කියන්නීය.

18 නුමුත් මළවුන් එහි සිටින බවත් ඇය විසින් කැඳවාගත් අය ෂෙයොලේ මිටියාවත්වල ඉන්න බවත් ඔහු නොදනියි.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්