මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
ගීතාවලිය 120:1 - Sinhala Revised Old Version මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක. Sinhala New Revised Version මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක. Sinhala New Revised Version 2018 මාගේ විපතේ දී මම සමිඳාණන් වහන්සේට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක. |
මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව.
එවිට ඔව්හු තමුන්ගේ විපතේදී ස්වාමීන්ට මොරගැසුවෝය, උන්වහන්සේ ඔවුන්ගේ විපත්තිවලින් ඔවුන් ගැළෙවුසේක.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට යාච්ඤාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්, නිදහස් තැනක මා සිටෙවුසේක.
ස්වාමීන්වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙනයනලද්දවුන් ආපසු ගෙනා කල, අපි හීනයක් දුටුවන් මෙන් වීමුව.
ස්වාමීන්වහන්සේ ගෙය නොසාදනසේක් නම්, සාදන්නෝ නිෂ්ඵලයේ වෙහෙසෙති. ස්වාමීන්වහන්සේ නුවර ආරක්ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවන්නාවූ, උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නාවූ සියල්ලෝම භාග්‍යවන්තයෝය.
ස්වාමිනි, මාගේ සිත උඩඟු නොවේ, මාගේ ඇස්ද උදාර නොවේ; මහත් කාරණාවලවත් මාගේ පමණට වැඩිවූ මහත් ක්‍රියාවලවත් මැදි නොවෙමි.
රාත්‍රිභාගයේ ස්වාමීන්ගේ ගෘහයෙහි සිටින්නාවූ ස්වාමීන්ගේ සියලු මෙහෙකරුවෙනි, ස්වාමීන්ට ප්‍රශංසාකරව්.
මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
මාගේ පීඩාව නිසා ස්වාමීන්වහන්සේට හඬගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන් සේක; පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූසේක.
ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය; ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය.
උන්වහන්සේ මහත් වේදනා වින්දසේක් වඩා ඕනෑකමින් යාච්ඤාකළසේක. උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය.
උන්වහන්සේ මාංසවත්ව සිටි දවස්වලදී තමන්වහන්සේ මරණයෙන් ගළවන්ට පුළුවන්වූ තැනන්වහන්සේට බලවත් හැඬීමෙන් හා කඳුළින් යුක්ත යාච්ඤා සහ කන්නලව් ඔප්පුකර, තමන්ගේ දේවභය නිසා උත්තර ලැබ,
තවද අවුරුද්දක් යන තැනදී හන්නා ගර්භිණීව පුත්‍රයෙකු බිහිකළාය; ඈ: මා ස්වාමීන්වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැයි කියා ඔහුට සාමුවෙල් යන නම තැබුවාය.
මේ දරුවා ලබාගන්ට යාච්ඤාකෙළෙමි; ස්වාමීන්වහන්සේද මා උන්වහන්සේගෙන් ඉල්ලූ මාගේ ඉල්ලීම මට දුන්සේක.