පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
1 යොහන් 1:8 - Sinhala Revised Old Version අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත. Sinhala New Revised Version අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. සිංහල කාලීන පරිවර්තනය අපට පව් නැතැයි අප කියනවා නම්, අපි අපම රවටා ගනිමු; සත්‍යය ද අප තුළ නැත. Sinhala New Revised Version 2018 අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. |
පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,
එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය.
ඉදින් ඔව්හු ඔබට විරුද්ධව පව්කළොත් (මක්නිසාද පව්නොකරන කෙනෙක් නැත), ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දුන්නොත්, ඔවුන් වාලට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබුවොත්,
මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?
එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?
ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?
ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.
අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; ස්වාමීන්වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
එහෙත්: මම නිර්දෝෂයෙමි; සැබවින්ම උන්වහන්සේගේ උදහස මාගෙන් පහව ගියේයයි නුඹ කියන්නෙහිය. බලව: මම පව් නොකෙළෙමියි නුඹ කියන නිසා මම නුඹ සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.
කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,
නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන්ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය, බොරුවේ පියාය.
කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.
සැබෑවෙන් වෙන්ව සිටින්නාවූ භක්තිවන්තකම ලාභයට මාර්ගයකැයි සිතන්නාවූ මනුෂ්‍යයන්ගේ නිරන්තර තරඟද උපදින්නේය.
යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.
මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.
ඔව්හු දවාලෙහි ක්‍රීඩා ඝෝෂාව ප්‍රීතියක්යයි සලකති, ඔව්හු ලප හා කැලැල්ව සිටිති, ඔව්හු නුඹලා සමඟ මංගල්‍ය පවත්වන අතර තමුන්ගේ මංගල්‍යවලදී ක්‍රීඩා ඝෝෂා පවත්වති;
අපි උන්වහන්සේ සමඟ පංගුකාරකම ඇතැයි කියමින් අන්ධකාරයෙහි හැසිරෙමුනම්, අපි බොරු කියනවා මිස සැබෑව නොකරමුව.
උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.
යමෙක්: දෙවියන්වහන්සේට ප්‍රේමකරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.
නුඹ සැබෑවෙහි හැසිරෙන ලෙසම නුඹ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප්‍රීතිවුණෙමි.