Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:36 - Sinhala Revised Old Version

36 ඉදින් ඔව්හු ඔබට විරුද්ධව පව්කළොත් (මක්නිසාද පව්නොකරන කෙනෙක් නැත), ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දුන්නොත්, ඔවුන් වාලට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබුවොත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 “තවද, පව් නොකරන කෙනෙකු නැති බැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළොත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දී ඔවුන් වහල්කමට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබූ පසු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 “තවද, පව් නොකරන කෙනෙකු නැති බැවින් ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළොත්, ඔබ ඔවුන් කෙරෙහි උදහස් වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවා දී ඔවුන් වහල්කමට ගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන දේශයකට ඔවුන් ගෙනයනු ලැබූ පසු,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:36
22 හුවමාරු යොමු  

මක්නිසාද බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමුව. යමෙක් වචනයෙන් නොපැකිලේ නම්, ඔහු මුළු ශරීරය දමනයකරගන්ට පුළුවන් සම්පූර්ණ මනුෂ්‍යයෙක්ය.


පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.


ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.


ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?


ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.


මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.


තවද හෝෂෙයාගේ නවවෙනි අවුරුද්දේ අෂූර්හි රජ සමාරිය අල්ලාගන ඉශ්‍රායෙල්වරුන් අෂූර්ට ගෙනගොස් හලාහිද ගෝසාන් ගංගාව වන හාබොර් ළඟද මේදවරුන්ගේ නුවරවලද පදිංචි කෙරෙවුවේය.


මෙනහෙම්ගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඉශ්‍රායෙල් රජුන්ගේ ලේකම් පොතේ ලියා තිබෙනවා නොවේද?


ඔබට විරුද්ධව පව්කළ ඔබගේ සෙනඟ ඔබට විරුද්ධව කළාවූ ඔවුන්ගේ සියලු අපරාධවලට ඔවුන්ට කමාවී, ඔවුන් වාලට ගත් අය විසින් ඔවුන්ට අනුකම්පාකරන හැටියට ඔවුන්ට ඒ අයගෙන් අනුකම්පාව ලබාදුනමැනව.


පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,


ස්වාමීන්වහන්සේ නුඹද නුඹ කෙරෙහි නුඹ පත්කරගන්න රජුද නුඹවත් නුඹේ පියවරුන්වත් දැන නොගත් ජාතියක් වෙතට පමුණුවනසේක; එහිදී නුඹ ලීද ගල්ද වූ අන් දෙවිවරුන්ට සේවයකරන්නෙහිය.


ඔබ ස්වර්ගයේ සිට ඔවුන්ගේ යාච්ඤාවද කන්නලව්වද අසා, ඔවුන්ට යුක්තිය කළමැනව.


ඔවුන් වාලුන් කොට ගෙනයනු ලැබූ දේශයේදී ඔවුන් කල්පනාකොට, හැරී, ඔවුන් වාල්ව සිටින දේශයේදී ඔබට කන්නලව්කර: අපි පව්කෙළෙමුව, අපි හිතුවක්කාරකම්කොට දුෂ්ට ලෙස ක්‍රියාකෙළෙමුයයි කියමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්