Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 13:12 - Sinhala Revised Old Version

12 කුෂ්ඨය හමෙහි පැතිර ගොස් රෝගාතුරයාගේ මුළු හම ඔහුගේ හිස පටන් ඔහුගේ පාද දක්වාම පූජකයාට පෙනෙන සෑම තැනම කුෂ්ඨයෙන් වැසී තිබේනම්, පූජකයා බලාවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, බෝවෙන කුෂ්ඨ රෝගය හම පුරා පැතිර ගොස් පූජකයාට පෙනෙන පරිදි එය ඔහුගේ හිස සිට පා දක්වා මුළු හම ම වසා ඇත්නම්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 13:12
9 හුවමාරු යොමු  

මක්නිසාද ව්‍යවස්ථාව ආත්මික බව අපි දනිමුව. නුමුත් මම මාංසිකව පාපයට විකුණනු ලැබ සිටිමි.


අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.


එබැවින් මම මටම පිළිකුල්කොට, දූවිල්ලෙත් අලුවලත් හිඳ පශ්චාත්තාපවෙමියි කීවේය.


මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි.


කොයි යම් මනුෂ්‍යයෙකු විසින් හෝ ඔබගේ මුළු සෙනඟවූ ඉශ්‍රායෙල් විසින් හෝ තම තමුන්ගේ සිත්වල පීඩාව දැනගන මේ ගෘහය දෙසට තමුන්ගේ අත් විදහාගන යම් යාච්ඤාවක් හෝ කන්නලව්වක් හෝ ඔප්පුකළොත්,


පූජකයා ඔහු අපවිත්‍රයයි ප්‍රකාශකොට ඔහු අපවිත්‍ර බැවින් සිරකර නොසිටුවන්නේය.


එවිට ඔහුගේ මුළු ශරීරය කුෂ්ඨයෙන් වැසී තිබේනම් රෝගාතුරයා පවිත්‍රයයි ඔහු විසින් කිය යුතුය. සියල්ල සුදුවී තිබෙන බැවින් ඔහු පවිත්‍රය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්