Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 6:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද කිසිත් නොවන කෙනෙක් තමා වැදගත් කෙනෙක්යයි සිතන්නේ නම්, ඔහු තමාම රවටාගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 කමකට නැති කෙනෙක් තමා වැදගතෙකැයි සිතයි නම්, ඔහු තමා රවටා ගනී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 6:3
17 හුවමාරු යොමු  

තමාම නුවණ ඇත්තෙකැයි සිතන මිනිසෙකු නුඹ දකින්නෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.


කිසිවෙක් තමාම රවටා නොගනීවා. නුඹලා අතරෙහි යමෙක් මේ ලෝකයෙහි ප්‍රඥාවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහු ප්‍රඥාවන්ත වන පිණිස මෝඩයෙක් වේවා.


යමෙක් තමා යමක් දන්නේයයි සිතයි නම්, ඔහු දැනගන්ට ඕනෑ ලෙස තවම දැනගෙන නැත;


නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.


එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.


මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.


අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව, සැබෑවද අප තුළ නැත.


එකිනෙකා සමඟ එක්සිත්වෙන්න. උසස් දේවල්හි සිත නොතබා, පහත් දේවලට සිත අවනතකරන්න. නුඹලාම ඥානවන්තයෝයයි නොසිතන්න.


ඵරිසියා සිටගෙන තමා තුළ යාච්ඤාකරමින්: දෙවියන්වහන්ස, මම කොල්ලකාරවූ අධිර්මිෂ්ඨවූ කාමමිථ්‍යාචාරිකවූ අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක්වත් මේ සුංගම් අයකරන්නාමෙන් කෙනෙක්වත් නොවන බැවින් ඔබවහන්සේට ස්තුතිකරමි.


නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න.


යමක් දෙන්නෙමියි කියා බොරුවට වර්ණනාකරන්නා වර්ෂා නැති වලාකුල්ද හුළඟද මෙනි.


යමෙක් තමාගේ දිව යටත්කර නොගෙන, තමාගේ සිත රවටාගනිමින්, තමා භක්තිවන්තයෙකැයි සිතන්නේ නම්, ඔහුගේ භක්තිය හිස්ය.


නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.


මම අඥානයෙක් වී සිටිමි. ඊට නුඹලා මා සැලැස්සුවහුය. මා ගැන සාක්ෂිදෙන්ට යුතුව තිබුණේ නුඹලා විසින්ය. මක්නිසාද, මම කිසිත් නොවෙම් නුමුත් ඔය උත්කෘෂ්ට ප්‍රේරිතයන්ට වඩා කොයි ආකාරයකින්වත් අඩු නොවීමි.


නුමුත් ප්‍රධානයන්ය කියා සිතනලද තැනැත්තන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත. (ඔවුන් කොහොම අයවල්ව සිටියත් මට කමක් නැත; දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකුගේ තරාතිරම නොබලනසේක.) එසේය, ඒ ප්‍රධානයන්ගෙන් මට අමුතු කිසිවක් ලැබුණේ නැත.


මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් තුදාස් තෙමේ තමාත් වැදගත් කෙනෙක්ය කියා නැගිට්ටේය; ගණනින් හාරසියයක් පමණ මනුෂ්‍යයෝ ඔහුට එකතු වුණෝය. ඔහු මරනලද්දේය; ඔහුට යම් පමණ දෙනෙක් කීකරුවූවෝද ඒ සියල්ලෝම විසුරුවනු ලැබ නැතිවී ගියෝය.


එවිට කණු මෙන් සලකනු ලැබුවාවූ යාකොබ්ද කේපස්ද යොහන්ද, මට දෙනලද අනුග්‍රහය දැනගත් කල, මටද බාර්ණබස්ටද පංගුකාරකමේ දකුණත දුන්නෝය. එසේ කළේ අප අන්‍යජාතීන් වෙතටද ඔවුන් චර්මඡේදිතයන් වෙතටද යන පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්