Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 14:4 - Sinhala Revised Old Version

4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්ට කාට පුළුවන්ද? කාටවත් බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 14:4
12 හුවමාරු යොමු  

මාංසයෙන් උපදින දේ මාංසයය; ආත්මයාණන්ගෙන් උපදින දේ ආත්මයය.


මනුෂ්‍යයා පිරිසිදුව පෙනෙන්ටත් ස්ත්‍රියගෙන් උපන් තැනැත්තා ධර්මිෂ්ඨව පෙනෙන්ටත් ඔහු කවරෙක්ද?


ඔවුන් අතරේ අප සියල්ලෝද වරක් අපේ මාංසයේ තෘෂ්ණාවල හැසිරෙමින්, මාංසයටත් සිතටත් කැමතිදේ කරමින්, ස්වභාවෙන් අනික් අය මෙන් උදහසේ දරුවෝව සිටියෙමුව.


බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි; මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ්ගත්තාය.


එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.


දේවදූතයා ඈට උත්තරදෙමින්: ශුද්ධාත්මයාණන්වහන්සේ නුඹ කෙරෙහි පැමිණෙනසේක, මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.


ඔබ සැඩපාරකින් මෙන් ඔවුන් ගෙනයනසේක; ඔව්හු නින්දක් මෙන්ය. උදය කාලයේදී ඔව්හු වැඩෙන්නාවූ තණකොළ සමානවෙති.


ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.


මම මාගේ සිත පවිත්‍රකොට, මාගේ පාපයෙන් පිරිසිදුවී සිටිමියි කියන්ට පුළුවන් කාටද?


හිසොපින් මා පිරිසිදුකළ මැනව, එවිට මම පවිත්‍රවන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදුවන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්