Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 9:2 - Sinhala Revised Old Version

2 ඒ එසේමයයි මම සැබවින් දනිමි. නුමුත් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කෙසේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 “ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 “ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි. එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 9:2
13 හුවමාරු යොමු  

මනුෂ්‍යයා දෙවියන්වහන්සේට වඩා ධර්මිෂ්ඨද? මනුෂ්‍යයෙක් තමාගේ මැවුම් කාරයාණන්ට වඩා පිරිසිදුද?


කුමක්හෙයින්ද ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨකරනු නොලබන්නේය. මක්නිසාද ව්‍යවස්ථාව කරණකොටගෙන පාපය දැනගැනීම වේ.


ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.


එසේනම් මනුෂ්‍යයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි ධර්මිෂ්ඨවන්නේ කොහොමද? නොහොත් ස්ත්‍රියෙකුගෙන් උපන් තැනැත්තා පවිත්‍රවන්නේ කොහොමද?


ස්වාමිනි, ඔබ අයුතුකම් ගණනට ගන්නාසේක් නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද?


මක්නිසාද යෝබ් කථාකොට: මම ධර්මිෂ්ඨයෙමි, දෙවියන්වහන්සේ මාගේ යුක්තිය පහකළසේක.


මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි. මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි;


එවිට රාම්ගේ පෙළපතේ බූසිය බාරකෙල්ගේ පුත්‍රවූ එලීහුගේ උදහස ඇවුළුණේය. යෝබ් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම නොව තමාගේ ධර්මිෂ්ඨකම කියාගත් බැවින් ඔහුගේ උදහස යෝබ්ට විරුද්ධව ඇවුළුණේය.


පව් නොකරන මනුෂ්‍යයෙක් නැත. එබැවින් ඔවුන් ඔබට විරුද්ධව පව්කරන්ටත් ඔබ ඔවුන් කෙරෙහි උදහස්වී ඔවුන්ගේ සතුරන්ට ඔවුන් පාවාදෙන්ටත් ඔවුන් වාලටගන්න අය විසින් දුර හෝ ළඟ හෝ තිබෙන සතුරන්ගේ දේශයට ඔවුන් ගෙනයන්ටත් යෙදුණොත්,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ධර්මිෂ්ඨය; මක්නිසාද අද තිබෙන ලෙස අපි ස්වල්ප දෙනෙක්ව ඉතුරුව සිටිමුව. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමුව; මක්නිසාද මේ කාරණය නිසා ඔබ ඉදිරියේ කිසිවෙකුට සිටිය නොහැකියයි කීවේය.


එකල යෝබ් උත්තරදෙමින් කියනුයේ:


බලව, චන්ද්‍රයා පවා දීප්තිමත් නොවේ; තාරකාද උන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නොවෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්