යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
යෙසායා 48:1 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් යන නාමය දරන්නාවූ, යූදා උල්පතෙන් නික්මුණාවූ, සැබෑකමෙන්වත් ධර්මිෂ්ඨකමෙන්වත් නොවන නුමුත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ සඳහන්කරන්නාවූ තැනැත්තන් වන යාකොබ්ගේ වංශය, මේක අසන්න. Sinhala New Revised Version ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ. Sinhala New Revised Version 2018 ජුදා වංශයෙන් පැවත එන, ඉශ්රායෙල් යන නම දරන ජාකොබ් පුත්‍රයෙනි, මෙයට සවන් දෙන්න. නුඹලා සමිඳුන්ගේ නාමයෙන් දිවුරන නමුත්, එසේ කරන්නේ අවංක සිතින් වත්, දැහැමිකමින් වත් නොවේ. |
යාකොබ්යයි ඔහු කීය. නුඹ දෙවියන්වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජයගත් නිසා නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි උන්වහන්සේ කීසේක.
දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ නම යාකොබ්ය. මින්මතු නුඹේ නාමය යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේයයි කීසේක. උන්වහන්සේ ඔහුට ඉශ්‍රායෙල් යයි නම්තැබූසේක.
අද දක්වා ඔව්හු පළමු විධි ලෙස කෙරෙති. ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි භය අතුව නොසිටිති, තමුන්ගේම නියෝගද පනත්ද ලෙස නොකෙරෙති, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් යන නම තැබූ, යාකොබ්ගේ පුත්‍රයන්ට අණකළ උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද ආඥාවේද හැටියට නොකෙරෙති;
එකල දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාරයාවූ ගෙහාසී කල්පනාකොට: බලව, මාගේ ස්වාමියා මේ සිරියවූ නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් පිළිනොගෙන නිකම් ඇරියේය. ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔහු පස්සේ දිවගොස් ඔහුගෙන් මොකවත් ලබාගනිමියි කීවේය.
නුමුත් රජතෙමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිවන්නේය. උන්වහන්සේ ගැන දිවුරන සියල්ලෝ ප්‍රීති ප්‍රකාශකරන්නෝය; මක්නිසාද බොරු කියන්නන්ගේ කට පියනු ලබන්නේය.
ඉශ්‍රායෙල්ගේ උල්පතෙන්වූ තැනැත්තෙනි, දෙවියන්වහන්සේට, එසේය, ස්වාමීන්වහන්සේට සභාවලදී ප්‍රශංසාකරව්.
ඔවුන්ගේ ආණ්ඩුකාරයා වන කුඩා බෙන්යමින්ද යූදාගේ අධිපතීන් හා මන්ත්‍රී සභාවද සාබුලොන්ගේ අධිපතීන් හා නප්තලීගේ අධිපතීහුද එහි සිටිති.
මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ ඇර වෙන ස්වාමිවරු අප ආණ්ඩුකළෝය; නුමුත් අපි ඔබ සහ ඔබගේ නාමය පමණක් සඳහන්කරන්නෙමුව.
එක්කෙනෙක්: මම ස්වාමීන්වහන්සේගේ යයි කියනවා ඇත; තවත් කෙනෙක් යාකොබ් යන නාමය තබාගන්නවා ඇත; තවත් කෙනෙක්ද තමා ස්වාමීන්වහන්සේට අයිතියයි තමාගේ අතෙහි ලියා තබා, ඉශ්‍රායෙල් යන දෙවෙනි නාමයක් පවරාගන්නවා ඇත.
සියලු දණහිස් මට නැමෙනවා ඇත. සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය.
ධර්මිෂ්ඨකම අනුවයන්නාවූ, ස්වාමීන්වහන්සේ සොයන්නාවූ තැනැත්තෙනි, මට කන්දෙන්න. නුඹලාව කොටාගත්තේ මොන පර්වතයකින්ද කියාත් නුඹලාව හාරාගත්තේ මොන ගල්වළකින්ද කියාත් බලන්න.
නුඹලාගේ පියවූ ආබ්‍රහම්ද නුඹලා බිහිකළ සාරාද බලන්න. මක්නිසාද ඔහු එක්කෙනෙක්ව සිටිද්දී මම ඔහු කැඳවාගන, ඔහුට ආශීර්වාදකොට, ඔහු වැඩි කෙළෙමි.
ඔව්හු දවස් පතා මා සොයති, මාගේ මාර්ගයන් දැනගන්ට ප්‍රසන්නවෙති. ධර්මිෂ්ඨකම්කොට තමුන්ගේ දෙවියන්වහන්සේගේ නියෝගය අත්නෑර සිටින ජාතියක්මෙන් ඔව්හු ධර්මිෂ්ඨ නියෝග මාගෙන් ඉල්ලති, දෙවියන්වහන්සේ වෙතට ළංවීමට ප්‍රසන්නවෙති.
ස්වාමීන්වහන්සේ තමන්ගේ දකුණත සහ තමන්ගේ බලවත් හස්තය ගැන දිවුරමින්: සැබවින් නුඹේ ධාන්‍ය නුඹේ සතුරන්ට කෑම පිණිස මම තවත් නොදෙන්නෙමි; නුඹ වැඩකර ලබාගත් නුඹේ මුද්‍රිකයුෂ විදේශීහු නොබොන්නෝය.
අපි සියල්ලෝම අපවිත්‍ර කෙනෙකු මෙන් වී සිටිමුව, අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයක් මෙන්ය. අපි සියල්ලෝම කොළයක් මෙන් පරවෙමුව; අපේ අයුතුකම්ද සුළඟ මෙන් අප පහකරගනයයි.
එයින් පොළොවෙහි තමාට ආශීර්වාදකරගන්න අය සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා ආශීර්වාදකරගන්නේය; පොළොවෙහි දිවුරන අයද සත්‍යතාවේ දෙවියන්වහන්සේගේ නම කියා දිවුරන්නේය; මෙසේ වන්නේ පළමු විපත්ති මතක නැතිවී, ඒවා මාගේ ඇස්වලින් සැඟවී තිබෙන නිසාය.
නුඹ: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා සැබෑකමෙන්ද යුක්තියෙන්ද ධර්මිෂ්ඨකමින්ද දිවුරුවොත්, ජාතීහු උන්වහන්සේගේ නාමයෙන් තමුන්ටම ආශීර්වාදකරගෙන, උන්වහන්සේ තුළ පාරට්ටුකරගන්නෝය.
එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.
නුඹේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේය.
යාකොබ් වංශයේ තැනැත්තෙනි, ස්වාමීන්වහන්සේගේ ආත්මය අඩුවෙලාද? මේවා උන්වහන්සේගේ ක්‍රියාද? අවංකලෙස හැසිරෙන්නාට මාගේ වචනවලින් යහපත සිද්ධ වෙනවා නොවේද?
ගෙවල් මුදුනේ සිට අහස් සේනාවට නමස්කාරකරන්නන්ද, ස්වාමීන්වහන්සේට, දිවුරා මල්කාම් නමිනුත් දිවුරා නමස්කාරකරන්නන්ද,
එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය.
තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය.
ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.
යේසුස්වහන්සේ නතානියෙල් තමන් වෙතට එනවා දැක: මෙන්න, සැබවින්ම ඉශ්‍රායෙලිතයෙක්! මොහු තුළ කිසි වංචාවක් නැතැයි ඔහු ගැන කීසේක.
දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,
එනම්, මාංසයෙන් වූ දරුවෝම දෙවියන්වහන්සේගේ දරුවෝ නොවෙති. නුමුත් වංශයක් ලෙස ගණන්ගනු ලබන්නේ පොරොන්දුවේ දරුවෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව, උන්වහන්සේටම සේවය කොට, උන්වහන්සේටම ඇලුම්ව සිට, උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්න.
ඉශ්‍රායෙල් සුරක්ෂිතවද, යාකොබ්ගේ උල්පත හුදකලාවද, ධාන්‍ය හා මුද්‍රික රස ඇති දේශයක වාසය කරයි; එසේය, ආකාශයෙන් ඔහුට පිනි බින්දු වැටෙයි.
නුඹලා මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ නුඹලාගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ නුඹට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් භයවෙන්ටත් උන්වහන්සේටම සේවයකරන්ටත් උන්වහන්සේගේ නාමයෙන් දිවුරන්ටත් ඕනෑය.
එසේ වන්නේ බොරුකියන්නාවූ, තමුන්ගේම හෘදයසාක්ෂියෙහි හංවඩු ලකුණු ඇත්තාවූ, සරණපාවාගැනීම තහනම්කරන්නාවූ,
එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි.
බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි.