Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 47:15 - Sinhala Revised Old Version

15 නුඹ යම් යම් දේ සමඟ වෙහෙසුණෙහිද ඒවා නුඹට එයාකාරවන්නේය. නුඹේ යෞවන වයසේ පටන් නුඹ සමඟ වෙළඳාම්කළ අයවල් තම තමුන්ගේ දිශාවලට අහක්ව යන්නෝය; නුඹ ගළවන්ට කිසිවෙක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 තරුණ කාලයේ සිට නුඹ පුහුණු වීමට වෙහෙස ගනිමින් ඇසුරු කළ මේ දෛවඥයන්ගේ අවවාදවලින් නුඹට කිසි වැඩක් සිදු නොවේ. ඔව්හු නුඹ අත්හැරදමා වෙන අතක් බලා යන්නෝ ය. නුඹ ගළවන්න කිසිවෙක් නොවෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 47:15
8 හුවමාරු යොමු  

එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?


ඔව්හු එය කර පිට තබා, උසුලා, එය ගෙන ගොස්, ඊට නියම ඉඩමේ තබති, එයද සිටෙවු ස්ථානයෙන් නොයයි. එසේය, යමෙක් ඊට යාච්ඤාකරන නුමුත් උත්තර දෙන්ටවත් විපතෙන් ඔහු ගළවන්ටවත් එයට බැරිය.


නුඹේ බොහෝ මන්ත්‍රණවලින් නුඹ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා.


ඔවුන්ගේ ගෙරවීම සිංහ නාදයකට සමානය, ඔව්හු තරුණ සිංහයන් මෙන් ගොරවන්නෝය. එසේය, ඔව්හු ගර්ජනාකොට, ගොදුර අල්ලා සුරැකිව ගෙනයන්නෝය,ගළවන්ට කිසිවෙක්ද නොවන්නේය.


එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්