Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 5:28 - Sinhala Revised Old Version

28 නුඹලා මා සමඟ කථාකළ විට ස්වාමීන්වහන්සේ නුඹලාගේ වචනවල හඬ අසා මට කථාකොට: මේ සෙනඟ නුඹට කථාකළ වචනවල හඬ ඇසීමි. ඔවුන් කී සියල්ල මනා ලෙස කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “ඔබ මට කතා කළ විට, ඔබේ කටහඬ සමිඳාණන් වහන්සේට ඇසිණි. එවිට උන් වහන්සේ මා අමතා මට මෙසේ වදාළ සේක: ‘මේ සෙනඟ ඔබට කී දේ මට ඇසිණි. ඔවුන් කී සියල්ල හොඳින් කියා ඇත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 5:28
4 හුවමාරු යොමු  

ශෙලෝඵෙහාද්ගේ දූවරුන් කියන දේ හරිය. නුඹ සැබවින් ඔවුන්ගේ පියාගේ සහෝදරයන් අතරේ ඔවුන්ට උරුමයක් දිය යුතුය; ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට හිමිවෙන්ට සලසන්න.


මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට: යෝසෙප් පුත්‍රයන්ගේ ගෝත්‍රයේ අය කියනවා හරිය.


ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔවුන් කී දේ මනා ලෙස කීවෝය.


නුඹ ළංවී අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ල අසා අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට කථාකරන සියල්ල අපට කියන්න; අපි ඒ අසා ඒ හැටියට කරන්නෙමුයයි කීවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්