Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 48:2 - Sinhala Revised Old Version

2 මක්නිසාද තමුන් ශුද්ධ නුවරට අයිතියයි කියාගන ඔව්හු සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කෙරෙහි පිහිටා සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එසේ වුවත්, නුඹලා ශුද්ධ නුවරට අයිති යයි ද ‘සව් බලැති සමිඳාණෝ’ යන නම දරන ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් සරණ ගෙන ඇතැ යි ද කියමින් පාරට්ටු කරගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 48:2
25 හුවමාරු යොමු  

එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.


එහෙත් නුඹ යුදෙව්වෙක්යයි කියනු ලැබ ව්‍යවස්ථාවෙහි පිහිටා සිට දෙවියන්වහන්සේ ගැන පාරට්ටුකරගන්නෙහි නම්,


සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, නුඹේ බලය පැළඳගන්න; ශුද්ධ නුවරවූ යෙරුසලම, නුඹේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මක්නිසාද තවත් අචර්මඡේදිතයෙක්වත් අපවිත්‍රයෙක්වත් නැවත නුඹ තුළට නොපැමිණෙන්නේය.


ඒ දවසෙහි ඉශ්‍රායෙල්ගෙන් ඉතිරිවන්නාවූ, යාකොබ්ගේ වංශයෙන් ගැළවෙන්නාවූ අය තමුන්ට පහරදුන් අය කෙරෙහි තවත් පිහිටා නොසිට, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කෙරෙහි සැබෑකමින් පිහිටා සිටිනවා ඇත.


ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය.


ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය.


යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.


තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි.


මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.


එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා:


වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමඟිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත් නුඹේ සෙනඟත් නුඹේ ශුද්ධවූ නුවරත් ගැන සති සැත්තෑවක් නියමකර තිබේ.


යාකොබ්ගේ උරුම-කොටසවූ තැනන්වහන්සේ ඒවාට සමාන නැත; උන්වහන්සේ වනාහි සියලු දේම මැවූ තැනන්වහන්සේය; ඉශ්‍රායෙල්ද උන්වහන්සේගේ උරුම-ගෝත්‍රයය. උන්වහන්සේගේ නාමය සේනාවල ස්වාමීන්වහන්සේය.


අහස දිගඇරියාවූ, පොළොව පිහිටෙවුවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට, විනාශකිරීමට පීඩාකාරයා සූදානම්වෙන විට, ඔහුගේ කෝපය නිසා නිතරම දවස මුළුල්ලෙහි වෙවුලන්ටද නුඹ කවුද? පීඩාකාරයාගේ කෝපය කොතැනද?


අපේ මිදුම්කාරයා නම් සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇති ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.


එම්බා දෙවියන්වහන්සේගේ නුවර, නුඹ ගැන කීර්තිමත් දේ කියා තිබේ.


අපේ දෙවියන්වහන්සේගේ නුවර වන උන්වහන්සේගේ ශුද්ධ කන්දෙහි ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ සෙයින් ප්‍රශංසා කටයුතුය.


ශුද්ධ නුවර සිටිය සියලු ලෙවීවරු දෙසිය අසූ හතර දෙනෙක්ය.


තවද සෙනඟගේ අධිපතීහු යෙරුසලමෙහි වාසයකළෝය. අනික් සෙනඟ තමුන් අතරෙන් දසදෙනෙකුගෙන් එක්කෙනෙකු බැගින් ශුද්ධ නුවර වන යෙරුසලමෙහි වාසයකිරීමට එවන පිණිස පසඇට දැමුවෝය, නව කොටසක් අනික් නුවරවල වාසයකළෝය.


එවිට මීකා: ලෙවීයයෙකු මට පූජකකමට සිටින නිසා ස්වාමීන්වහන්සේ මට යහපත කරනසේකැයි දැන් දනිමියි කීවේය.


එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම වනාහි මුහුදේ රැළ ගර්ජනාකරන ලෙස එය අවුස්සන්නාවූ, සේනාවල ස්වාමීන්වහන්සේ යන නාමය ඇත්තාවූ, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්