එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
ද්විතීය නීතිය 27:15 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා. Sinhala New Revised Version ‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය. Sinhala New Revised Version 2018 ‘සමිඳාණන් වහන්සේට පිළිකුලක් වන ශිල්පියෙකුගේ හස්ත කර්මාන්තයක් ද වන නෙළූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මිනිසාට සාප වේ වා!’ මුළු සෙනඟ පිළිතුරු දෙමින්, ‘ආමෙන්’ කිව යුතු ය. |
එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.
රාඛෙල් ඒ දේවතා රූප රැගෙන ඔටු ඇඳුම් යට තබා ඒවා උඩ හිඳගෙන උන්නීය. ලාබන් මුළු කූඩාරම අතගා බැලූ නුමුත් ඒවා සම්බනොවීය.
යූදාවරුත් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥා රක්ෂානොකොට, ඉශ්‍රායෙල්වරුන් විසින් සාදාගත් පනත් ලෙස හැසුරුණෝය.
යෙරුසලම ඉදිරිපිටින් විනාශ කන්දට දකුණෙන් තිබුණාවූ ශීදොන්වරුන්ගේ පිළිකුලවූ අෂ්ටොරෙත්ටත් මෝවබ්වරුන්ගේ පිළිකුල්වූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මිල්කොම්ටත් ඉශ්‍රායෙල් රජවූ සාලමොන් විසින් ගොඩනැගූ උස්තැන් රජ දූෂ්‍යකෙළේය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.
මා ඇර අන් දෙවිවරුන් සාදානොගනිව්; රිදීයෙන් දෙවිවරුන්වත් රනින් දෙවිවරුන්වත් සාදානොගනිව්.
කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.
වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.
ඉතිරි කොටසෙන් ඔහු රූපයක් දෙවිකෙනෙක් පිණිස සාදාගන්නේය. ඔහු ඊට වැඳ වැටී නමස්කාරකරමින් යාච්ඤාකොට: ඔබ මාගේ දෙවියෝය; ඒ නිසා මා ගැළෙවුව මැනවයි කියන්නේය.
මම කොටසක් දවා එහි අඟුරු පිට රොටි පිලිස්සීමි; මස් පුලුස්සා කෑවෙමි; ඉතිරි ඒවායෙන් පිළිකුල් දෙයක් සාදා ලී කඳකට වැඳවැටෙම්දැයි කියන්ට කිසිවෙක් සිතට ගන්නේවත් ඒ අයට දැනගැන්මද තේරුමද ඇත්තේවත් නැත.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මේ ගිවිසුමේ වචනවලට කීකරු නොවන මනුෂ්‍යයාට ශාපවේවා.
එවිට නුඹලා මාගේ සෙනඟ වන්නහුය; මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමියි කියා මා අණකර දුන් ගිවිසුමයයි ඔවුන්ට කියන්නැයි කීසේක. එවිට මම උත්තරදෙමින්: ස්වාමීන්වහන්ස, ආමෙන්යයි කීවෙමි.
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ආමෙන්, ස්වාමීන්වහන්සේ එසේ කරන සේක්වා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද අල්ලාගෙනගිය සියල්ලන්ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙන ලෙස නුඹ අනාගතවාක්‍යයෙන් කී වචන ස්වාමීන්වහන්සේ ඉෂ්ටකරනසේක්වා.
එබැවින් ඔවුන් සමඟ කථාකර ඔවුන්ට මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයෙන් තමාගේ දේවරූප තමාගේ සිතේ පිහිටුවාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා අනාගතවක්තෘ ළඟට ආ විට, ස්වාමීන්වහන්සේ වන මම ඒ හැටියට එනම් ඔහුගේ දේවරූප රාශියේ ප්‍රකාරයට ඔහුට උත්තරදෙන්නෙමි.
උන්වහන්සේගේ ආභරණවල අලංකාරය වනාහි ඔව්හු අහංකාරකමට පෙරළාගත්තෝය. තමුන්ගේ පිළිකුල් රූප වන තමුන්ගේ අශික්ෂිත දේ එහි සාදාගත්තෝය. එබැවින් මම ඒක ඔවුන්ට අපවිත්‍ර දෙයක්කොට තැබුවෙමි.
ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත.
එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.
රූප සාදානොගන්න, කැපූ පිළිමයක්වත් රූපස්තම්භයක්වත් සිටුවා නොගන්න, නමස්කාර කරන පිණිස නුඹලාගේ දේශයෙහි කැටයම්කළ කිසි ගලක් නොතබන්න. මක්නිසාද මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර නුඹේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්, ආමෙන්යයි කියාවා.
එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා),
නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?
ඔවුන් අතරේ තිබුණ ඔවුන්ගේ පිළිකුල්කම්ද ඔවුන්ගේ ලී ගල් රන් රිදී දේව රූපද නුඹලා දුටුවහුය.)
නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,
කැපූ රූපයක්වත් උඩ අහසෙහි හෝ පහත පොළොවෙහි හෝ පොළොවෙන් යට ජලයෙහි හෝ තිබෙන කිසිම දෙයක සමානත්වයක්වත් නුඹට සාදා නොගනුව.
ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
ඔහු තමාගේ මවුට රිදී එකොළොස් සියය නැවත දුන්නේය, එවිට ඔහුගේ මවු කථාකොට: කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේ අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් ස්වාමීන්වහන්සේට සැබවින්ම කැපකෙළෙමි. දැන් ඒවා නැවත නුඹට දෙමියි කීවාය.
ඔහු ඒ මුදල නැවත තමාගේ මවුට දුන් කල ඔහුගේ මවු රිදී දෙසියයක් රැගෙන කම්කරුවාට දුන්නාය, ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය.
එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.