Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 7:25 - Sinhala Revised Old Version

25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප ගින්නෙන් දවාදමන්න. ඒවායේ තිබෙන රන් රිදීවලට ආශාවී ඒවා නොගන්න, එසේ කළොත් නුඹ මලපතකට අසුවන්නේය. මක්නිසාද ඒවා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඔබ ඔවුන්ගේ දෙවි දේවතාවන්ගේ නෙළූ පිළිම ගින්නෙන් පුළුස්සා දැමිය යුතු ය. ඒ පිළිම මත ඇති රිදීවලට හෝ රන්වලට හෝ ආසා නොකළ යුතු ය. ඔබේ ප්‍රයෝජනයට ඒවා නොගත යුතු ය. එසේ කළොත් ඒවා ඔබට මලපතක් විය හැකි ය. මේ සියල්ල ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුල් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 7:25
22 හුවමාරු යොමු  

ඔහු ඔවුන් විසින් සෑදූ වස්සා ගෙන ගින්නෙන් දවා දූවිලි වෙන තුරු කුඩුකර ඒවා වතුර පිට ඉස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට බොන්ට සැලැස්සුවේය.


ඔව්හු තමුන්ගේ දේව රූප එහි අත්හැර ගියෝය; එකල දාවිත් දුන් ආඥාව ලෙස ඒවා ගින්නෙන් පුලුස්සාදමන ලද්දේය.


යම් කැලලක් නොහොත් යම් විරූපකමක් ඇති ගොනෙක්වත් බැටළුවෙක්වත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න. මක්නිසාද එය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


කොල්ලය අතරේ ශෝභන බබිලෝනිය සළුවක්ද රිදී ෂෙකෙල් දෙසියයක්ද ෂෙකෙල් පනසක් බර ඇති රන් පේනුවක්ද මම දැක, ඒවාට ආශාවී, ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ, ඊට යටින් රිදී තිබේ යයි කීවේය.


ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.


නුඹේ කැපූ රූපවල රිදී වැස්මත් නුඹේ වාත්තු රූපවල රන් වැස්මත් නුඹලා අපවිත්‍රකරන්නහුය. නුඹ ඒවා කිලුටුකමක් කොට විසුරුවා දමා: අහක්වෙවයි ඊට කියන්නෙහිය.


එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ කැපකළ දේ සම්බන්ධව අපරාධයක් කළෝය. මක්නිසාද යූදා ගෝත්‍රයට අයිති සෙරාගේ පුත්‍රවූ ශබ්දීගේ පුත්‍රයා වන කර්මීගේ පුත්‍රවූ ආකාන් කැපවූ දෙයින් ගත්තේය. ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව ඇවුළුණේය.


වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.


එහෙත් ඔවුන්ට මෙසේ කරන්න: ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳදමා, ඔවුන්ගේ අෂේරා කණු කපාදමා, ඔවුන්ගේ රූප ගින්නෙන් දවන්න.


ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය.


මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි; ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද නැතිකරන්නෙමි; භූමිය මතුපිටින් මනුෂ්‍යයා සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පාවාදෙන සියලු මනුෂ්‍ය වර්ගයන් නැතිකරන්න; නුඹේ ඇස ඔවුන්ට අනුකම්පා නොකෙරේවා. ඔවුන්ගේ දෙවිවරුන්ට සේවය නොකරන්න; මක්නිසාද ඒක නුඹට මලපතක් වන්නේය.


මෝසෙස්ද: එසේ කරන්ට යුතු නැත; එසේ කළොත් මිසරවරුන්ට පිළිකුලක් වන ලෙස අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුව. මිසරවරුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ට පිළිකුලක් වන ලෙස පූජා ඔප්පුකරන්නෙමුද? එවිට ඔව්හු අපට ගල්නොගසන්නෝද?


නුඹේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, නුඹේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් නුඹේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.


එහි තිබෙන සම්පත් සියල්ලම වීථිය මැදට රැස්කර, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා නුවරද එහි තිබෙන සම්පත් සියල්ලද ගින්නෙන් පුලුස්සාදමන්න. ඒක නැවත ගොඩනගනු නොලැබ සදාකල්ම ගොඩක්ව තිබේවා.


ඔහු රූප කුළුනුද බිඳ, අෂේරා රූප කපාදමා, ඒවා තිබුණු තැන් මිනී ඇටවලින් පිරෙවුවේය.


ඒ වස්ත්‍රයත් ලෝම වුවත් හණ වුවත් දිග නූල් හෝ හරස් නූල් හෝ කුෂ්ඨය ඇති සියලුම හම් බඩුත් ඔහු පුලුස්සා දැමිය යුතුය; මක්නිසාද එය වස කුෂ්ඨයක්ය; ඒක ගින්නෙන් පුලුස්සා දැමිය යුතුය.


රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.


බලව, නුඹලා කිසිත් නැතිකමය, නුඹලාගේ ක්‍රියාවත් හිස්කමය. නුඹලාව තෝරාගන්න තැනැත්තේ පිළිකුලක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්