Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 16:36 - Sinhala Revised Old Version

36 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේවා. මුළු සෙනඟද: ආමෙන් කියා ස්වාමීන්වහන්සේ වර්ණනාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 ඉශ්රායෙල් දෙවි සමිඳුන් හට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ද, “ආමෙන්” කියා සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 16:36
12 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්–


එස්රා උතුම් දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකෙළේය. මුළු සෙනඟද අත් ඔසවමින්: ආමෙන් ආමෙන් කියා, මුහුණින් බිමට නැමී ස්වාමීන්වහන්සේට නමස්කාරකළෝය.


තමන්වහන්සේ පොරොන්දුවූ සියල්ලේ හැටියට තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට නිශ්චලතාව දුන් ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. උන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස් ලවා ගිවිස්සාවූ සියලු යහපත් වචනවලින් එක වචනයක්වත් හිස්නොවීය.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව, නොකැලැල්ව සිටින පිණිස,


නැත්නම්, නුඹ ආත්මයෙන් ස්තුතිකරන කල, තේරුම් නැති තැනැත්තා නුඹ කියන්නේ කිමෙක්දැයි නොදන්නා බැවින් නුඹේ ස්තුතිකිරීමට ආමෙන්යයි කියන්නේ කොහොමද?


ආමෙන්, ස්වාමීන්වහන්සේ එසේ කරන සේක්වා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද අල්ලාගෙනගිය සියල්ලන්ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙන ලෙස නුඹ අනාගතවාක්‍යයෙන් කී වචන ස්වාමීන්වහන්සේ ඉෂ්ටකරනසේක්වා.


අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා. මක්නිසාද අන්තිම කාලයෙහි එළිදරව්වෙන්ට සූදානම්ව තිබෙන ගැළවීමට දෙවියන්වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරණකොටගෙන ආරක්ෂාකරනු ලබන්නාවූ,


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්ට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. මුළු සෙනඟ ආමෙන් කියත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


අපගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ශුද්ධවූ නාමයට ස්තුතිකරන පිණිසත්, ඔබට ප්‍රශංසාකිරීමෙන් ජය නාද පවත්වන පිණිසත්, අප ගළවා ජාතීන් අතරෙන් රැස්කොටගත මැනව.


පසුව යේෂුවාද කද්මීයෙල්ද බානීද හෂබ්නෙයාද ෂේරෙබියාද හෝදියාද ෂෙබනියාද පෙතහියාද යන ලෙවීවරු කථාකොට: නුඹලා නැගිට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසාකරන්න. එසේය, සියලු ප්‍රශංසාවලටත් වර්ණනාවලටත් වඩා උසස්ව තිබෙන ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසාවේවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්