Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 9:11 - Sinhala Revised Old Version

11 එසේය, සියලු ඉශ්‍රායෙල්වරු ඔබගේ ව්‍යවස්ථාව කඩකොට ඔබගේ හඬට කීකරු නොවන ලෙස අහක්ව ගියෝය. මෙසේ අප උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින්, දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ශාපයද දිවුරුමද අප කෙරෙහි වගුරුවා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මුළු ඉශ්රායෙල් ජනයා ඔබේ ව්‍යවස්ථාව කඩ කොට ඔබේ බසට කීකරු නොවී ඔබ වෙතින් හැරී ගොස් ඇත. මේ අන්දමින් අප පව් කර ඇති බැවින්, දෙවියන් වහන්සේගේ සේවක මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති සාපය ද දඬුවම ද අප පිට පැමිණ ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 9:11
30 හුවමාරු යොමු  

එනම් මිසරයටද යූදාටද ඒදොම්ටද අම්මොන් පුත්‍රයන්ටද මෝවබ්ටද තමුන්ගේ රැවුල් කොන් කැපුවාවූ කාන්තාරයෙහි වාසයකරන්නාවූ සියල්ලන්ටද මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය. මක්නිසාද සෑම ජාතීහු අචර්මඡේදිතවද මුළු ඉශ්‍රායෙල් වංශය සිතින් අචර්මඡේදිතවද සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මම මේ ස්ථානය පිටටත් මෙහි වැසියන් පිටටත් යූදාහි රජු විසින් කියෙවු පොතේ සියලු වචනවල හැටියට විපත පමුණුවන්නෙමි.


ගොනා උගේ අයිතිකාරයාද කොටළුවා උගේ ස්වාමියාගේ පට්ටියද දනියි. එහෙත් ඉශ්‍රායෙල් දන්නේ නැත, මාගේ සෙනඟ කල්පනාකරන්නේ නැතැයි කියනසේක.


එබැවින් මම ශුද්ධස්ථානයේ අධිපතීන් කෙලහා, යාකොබ් ශාපයටත් ඉශ්‍රායෙල් නින්දාවටත් පාවාදුන්නෙමි.


නුඹලා මා සමඟ විවාදකරන්නේ මක්නිසාද? නුඹලා සියල්ලෝම මට විරුද්ධව කැරළිගැසුවහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.


ස්වාමීන්වහන්සේ ඒක පමුණුවා, උන්වහන්සේ කී ලෙස කළසේක; නුඹලා ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කොට, උන්වහන්සේගේ හඬට කීකරු නොවී සිටි නිසා, මේ දෙය නුඹලාට පැමුණුණේය.


නුඹලා ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, උන්වහන්සේගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ශික්ෂාවලද හැටියට නොහැසිර, සුවඳ දුම් ඔප්පුකළ නිසාත්, ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කළ නිසාත්, අද තිබෙන හැටියට මේ මුළු විපත්තිය නුඹලාට පැමිණ තිබේයයි කීවේය.


අපි පව්කොට, අයුතුකම්කොට, දුෂ්ටකම්කොට, කැරළිගසා, ඔබගේ ශික්ෂාවලින්ද ඔබගේ විනිශ්චයවලින්ද ඉවත්ව ගියෙමුව.


මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස මේ මුළු විපත්තිය අප පිටට පැමුණුණේය. එහෙත් අපේ අයුතුකම්වලින් හැරී ඔබගේ සැබෑකම තේරුම්ගන්නා පිණිස අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අපි කන්නලව් නොකෙළෙමුව.


එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවල ස්වාමීන්වහන්සේ තමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් පැමුණුණේය.


එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් දෙන්ට නුඹලා නොකැමතිවූ බැවින් උන්වහන්සේ නුඹලා ඉදිරියෙන් විනාශවෙන්ට සලස්වන ජාතීන් මෙන් නුඹලාත් විනාශවෙනවා ඇත.


මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.


එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.


නුඹලාගේ පියවරුන් මා අත්හැර, අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකර, නමස්කාරකර, මා අත්හැර, මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත්,


නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.


එසේ නුඹලාගේ ක්‍රියාවල නපුරුකම නිසාත් නුඹලා කළ පිළිකුල්කම් නිසාත් ස්වාමීන්වහන්සේට තවත් ඉවසන්ට බැරි විය; එබැවින් නුඹලාගේ දේශය, අද තිබෙන හැටියට වැසියෙක් නැතුව පාළුවක්ද විස්මයක්ද ශාප-වචනයක්ද වී තිබේ.


නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්