යෝබ් 19:2 - Sinhala Revised Old Version නුඹලා කොපමණ කල් මාගේ ආත්මය වෙහෙසමින්, වචනවලින් මා පොඩිකරන්නහුද? Sinhala New Revised Version “ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද? Sinhala New Revised Version 2018 “ඔබ කොපමණ කල් මා වෙහෙස කොට වාග් ප්‍රහාරයෙන් මා සුණු විසුණු කරන්නහු ද? |
මාගේ යුක්තිය වැලැක්වූ දෙවියන්වහන්සේද මාගේ ආත්මය ශෝකකළාවූ සර්වපරාක්‍රමයාණන්ද ජීවමාන බව සැබෑවාසේම,
ස්වාමිනි, ඔබ කොපමණ කල් මා නිතරම සිහි නොකර සිටිනසේක්ද? කොපමණ කල් ඔබගේ මුහුණ මාගෙන් සඟවනසේක්ද?
මාගේ එදිරිකාරයෝ: නුඹේ දෙවියන්වහන්සේ කොයිදැයි නිතර මට කියමින්, මාගේ ඇටවලට කඩුවකින් ඇන්නාක්මෙන් මට නින්දාකෙරෙති.
ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.
බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති; ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔව්හු කියති.
ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය.