Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 55:21 - Sinhala Revised Old Version

21 ඔහුගේ කට වෙඬරු මෙන් සිනිදුව තිබුණේය, නුමුත් ඔහුගේ සිතෙහි යුද්ධය විය. ඔහුගේ වචන තෙලට වඩා මොළොක්ව තිබුණේය, එහෙත් ඒවා ඇදගත් කඩුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 55:21
16 හුවමාරු යොමු  

මාගේ ප්‍රාණය සිංහයන් අතරෙහිය; ගිනි මෙන් රළුවූ තැනැත්තන් අතරෙහි, එනම් හෙල්ල සහ ඊගස් වැනි දත්ද තියුණු කඩුවක් වැනි දිව්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයන් අතරෙහි වැතිර සිටිමි.


තමුන්ගේ අසල්වාසීන් සමඟ සමාදානයෙන් කථාකරන නුමුත් සිත්වල නපුරුකම ඇත්තාවූ දුෂ්ටයන්ද අයුතුකම් කරන්නන්ද සමඟ මා ඇද නොදැමුව මැනව.


බොරුකාර දිව එයින් තුවාලවූවන්ට වෛරකරයි; ඉච්චා මුඛයද නාස්තිය උපදවයි.


රහස් තැන්වලදී නිර්දෝෂ අයට විදින පිණිස ඔව්හු කඩුවක් මෙන් තමුන්ගේ දිව මුවහත් කොට,


ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.


උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.


කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.


ඔහුගේ උතුම්කමෙන් ඔහු නෙරපා හෙළන්ට පමණක් ඔව්හු මන්ත්‍රණයකෙරෙති; ඔව්හු බොරුවට ප්‍රියවෙති; තමුන්ගේ මුඛයෙන් ආශීර්වාදකරන නුමුත් සිතින් ශාපකෙරෙති.


යේසුස්වහන්සේ පාවාදෙන්ට සීමොන්ගේ පුත්‍රවූ යූදස් ඉස්කාරියොත්ගේ සිත යක්ෂයා විසින් පොළඹවා තිබුණෙන්,


බලව, ඔවුන්ගේ කටින් ශබ්ද නික්මවති; ඔවුන්ගේ තොල්වල කඩු ඇත. මක්නිසාද: ඇසෙන්නේ කාටදැයි ඔව්හු කියති.


සාවුල් තමාගේ සේවකයන්ට අණකරමින්: නුඹලා දාවිත් සමඟ රහස් ලෙස කථාකොට–රජ්ජුරුවෝ නුඹ කෙරෙහි ප්‍රසන්නය, ඔහුගේ සියලු සේවකයෝද නුඹට ප්‍රේමකරති. එබැවින් රජ්ජුරුවන්ගේ බෑනා වෙන්න කියා කියන්නැයි කීවේය.


ඇරත් මා විසින් සේවයකළ යුතු කාටද? ඔහුගේ පුත්‍රයා ඉදිරියෙහි නොවේද? මම ඔබගේ පියාණන් ඉදිරියෙහි සේවය කළාක් මෙන් ඔබ ඉදිරියෙහිත් සේවය කරන්නෙමියි අබ්සලොම්ට කීවේය.


ඌ නුඹට බොහෝ කන්නලව් කරනවා ඇද්ද? නොහොත් මෘදු වචන නුඹට කියනවා ඇද්ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්