Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 27:12 - Sinhala Revised Old Version

12 බලව, නුඹලා සියල්ලෝම එය දුටුවෝය; එසේනම් නුඹලා මෙසේ නිෂ්ඵල දේ කථාකරන්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 27:12
12 හුවමාරු යොමු  

පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මේකත් නිෂ්ඵලකමක්යයි කීමි.


මටත් කථාකරන්ට ඉඩ අරින්න; මා කථාකළායින් පසු නින්දාකරන්න.


සැබෑවටම සරදම්කාරයෝ මා වෙත සිටිති, මාගේ ඇස ඔවුන්ගේ විරුද්ධකම් දෙසටම යොමුවී තිබේ.


සුළඟ වැනි වචනවල කෙළවරක් ඇද්ද? නොහොත් උත්තරදීමට නුඹ පොළඹවන්නේ කුමක්ද?


සර්වපරාක්‍රමයාණන් වෙත තිබෙන දේ නොසඟවා, දෙවියන්වහන්සේගේ හස්තය ගැන නුඹලාට උගන්වන්නෙමි.


දෙවියන්වහන්සේගෙන් දුෂ්ට මනුෂ්‍යයෙකුට ලැබෙන කොටසත් බලාත්කාරකාරයන්ට සර්වපරාක්‍රමයාණන්ගෙන් ලැබෙන උරුමයත් මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්