1 සාමුවෙ 27:8 - Sinhala Revised Old Version දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ. Sinhala New Revised Version දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ. Sinhala New Revised Version 2018 දාවිත් ද ඔහුගේ සෙනඟ ද පිටත් ව ගෙෂුර්වරුන්ට ද ගිර්ශිවරුන්ට ද අමලෙක්වරුන්ට ද විරුද්ධ ආක්‍රමණයේ දී කොල්ලකෑමට ගියෝ ය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වා ද මිසර දේශය දක්වා ද යන ප්‍රදේශයේ පෙර සිට වාසය කළහ. |
අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම්නම් මට හොඳය කියා කියන්ට නුඹ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා නුඹට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.
මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.
ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.
ඔහුගේ දෙවෙනියා කර්මෙලිය නාබල්ගේ භාර්යාව ව සිටියාවූ අබිගායිල්ගෙන් උපන් කිලෙයාබ්ය; තුන්වෙනියා ගෙෂූර්හි රජ වන තල්මයිගේ දුවවූ මයකාගේ පුත්‍රවූ අබ්සලොම්ය;
අමලෙක්වරුන්ගෙන්ද රෙහෝබ්ගේ පුත්‍රයාවූ ශෝබාහි රජවූ හදද්එසෙර්ගෙන් ගත් කොල්ලයෙන්ද කැපකළාවූ රන් රිදී සමඟ ඒවාත් ස්වාමීන්වහන්සේට කැපකළේය.
ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය.
තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.
අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.
එවිට ඒ කන්දේ වාසයකළ අමලෙක්වරුද කානානිවරුද බැස ඇවිත් ඔවුන්ට පහරදී හොර්මා දක්වා ඔවුන් විසුරුවාදැමූහ.
හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය.
එසේවී නුමුත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ගෙෂූර්වරුන්ද මයකාත්වරුන්ද පන්නා නොදැමුවෝය. ගෙෂූර්වරුද මයකාත්වරුද අද දක්වා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි වාසය කරති.
තවත් ඉතුරුව තිබෙන දේශය මේය: මිසරය ඉදිරිපිට තිබෙන ෂීහෝර් පටන් කානානිවරුන්ට අයිතිව උතුරේ තිබෙන එක්‍රොන් සීමාව දක්වා
ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.
එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.
එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම නුඹ අවංකව හැසුරුණෙහිය, නුඹ සමුදාව අතරෙහි මා සමඟ ආ ගිය හැටි මට හොඳව පෙනුණේය. නුඹ මා ළඟට ආදා පටන් අද දක්වා නුඹ අත කිසි නපුරක් මට සම්බවුණේ නැත.
තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,