Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 3:22 - Sinhala Revised Old Version

22 ඉන්පසු දාවිත්ගේ සේවකයෝද යෝවාබ්ද කොල්ලකෑම පිණිස පිටත්ව ගොස් බොහෝ වස්තු ලබාගන හැරී ආවෝය. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නොසිටියේය; මක්නිසාද දාවිත් ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඒ අවස්ථාවේ දී ම දාවිත්ගේ සේවකයෝ ද ජෝවාබ් ද කොල්ලකෑම පිණිස ගොස් බොහෝ වස්තුව ලබාගෙන පෙරළා ආහ. ඒ වේලාවේ අබ්නේර් හෙබ්‍රොන්හි දාවිත් සමඟ නො‍සිටියේ ය. මන්ද, දාවිත් ඔහුට යන්නට අවසර දුන් බැවින් ඔහු සාමදානයෙන් ගොස් තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 3:22
3 හුවමාරු යොමු  

දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ.


නුමුත් යෝවාබ් සහ ඔහු සමඟ සිටි මුළු සේනාවද ආ විට: නේර්ගේ පුත්‍රවූ අබ්නේර් රජු ළඟට ආයේය, රජු ඔහු යන්ට හැරියේය, ඔහු සමාදානයෙන් ගියේය කියා යෝවාබ්ට කියනලද්දේය.


සාවුල්ගේ පුත්‍රයාට ප්‍රහාරක යුද කණ්ඩායම් කෙරෙහි අධිපතියෝවූ මනුෂ්‍යයන් දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙකුගේ නම බානාය, අනික් අයගේ නම රේඛාබ්ය. ඔව්හු බෙන්යමින් ගෝත්‍රයට අයිති බෙයේරොතිය රිම්මොන්ගේ පුත්‍රයෝය. (මක්නිසාද බෙයේරොත්ද බෙන්යමින් ගණනට ඇතුළත් කර තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්