Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 12 - Sinhala Revised Old Version


යටත්කරගත් රජවරුන්ගේ නාම ලේඛනය

1 නැගෙනහිරට යොර්දානෙන් එගොඩ අර්ණොන් ඔය පටන් හෙර්මොන් කන්ද දක්වාද මුළු නැගෙනහිර අරබා සමභූමියටද ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහරදී හිමිකරගත්තාවූ ඒ දේශයේ රජවරු මොව්හුය.

2 හෙෂ්බොන්හි විසූ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ය. ඔහු අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද, මිටියාවත මැද තිබෙන නුවර පටන්ද, අම්මොන් පුත්‍රයන්ගේ සීමාව වන යබ්බොක් ඔය දක්වා ගිලියද් අර්ධයක් කෙරෙහිද,

3 නැගෙනහිරට කින්නෙරොත් මුහුද දක්වාත් බෙත්-යෙෂිමොත්ට යන මාර්ගයෙහි පිස්ගා පාවුලට පහළින් දකුණු දිශාවට තිබෙන ලුණු මුහුද වන අරබා සමභූමියේ මුහුද දක්වාත් නැගෙනහිරට තිබෙන අරබා සමභූමිය කෙරෙහිද ආණ්ඩුකෙළේය.

4 රෙපායිම්වරුන්ගෙන් ඉතුරුව සිටිය බාෂාන්හි රජවූ ඕග්ගේ පළාතටත් පහරදී ඔව්හු එය හිමිකරගත්තෝය. ඔහු අෂ්තාරොත්හිත් එද්‍රෙයෙහිත් වාසය කොට

5 හෙර්මොන් කන්දද සලෙකාද ගෙෂූර්වරුන්ගේ සහ මයකාත්වරුන්ගේ සීමාව දක්වා මුළු බාෂාන්ද හෙෂ්බොන්හි රජවූ සීහොන්ගේ සීමාව දක්වා ගිලියද් අර්ධයක්ද කෙරෙහි ආණ්ඩුකෙළේය.

6 ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔවුන්ට පහර දුන්නෝය. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ඒ රට රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් මනස්සේගේ අර්ධ ගෝත්‍රයටත් උරුමයක් කොට දුන්නේය.

7 බස්නාහිරට යොර්දානෙන් මෙගොඩ ලෙබනොන් මිටියාවතෙහි තිබෙන බාල්-ගාද් පටන් සේයිර්ට නගින මාර්ගයෙහි හලක් කන්ද දක්වා යෝෂුවා සහ ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් පහර දුන්නාවූ, යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍රවලට ඔවුන්ගේ බෙදීම්වල හැටියට උරුමයක් කොට දුන්නාවූ දේශයේ රජවරු මොව්හුය:

8 එනම් කඳු රටෙහිද පාත රටෙහිද අරබා සමභූමියෙහිද කඳු බෑවුම් ළඟද කාන්තාරයෙහිද දකුණු දිශාවෙහිද සිටිය හිත්තීවරුත් අමෝරිවරුත් කානානිවරුත් පෙරිස්සිවරුත් හිවීවරුත් යෙබූසිවරුත්ය.

9 යෙරිකෝවේ රජ එක්කෙනෙක්ය; බෙතෙල් අසල හායිහි රජ එක්කෙනෙක්ය;

10 යෙරුසලමේ රජ එක්කෙනෙක්ය; හෙබ්‍රොන්හි රජ එක්කෙනෙක්ය;

11 යර්මුත්හි රජ එක්කෙනෙක්ය; ලාකීෂ්හි රජ එක්කෙනෙක්ය;

12 එග්ලොන්හි රජ එක්කෙනෙක්ය; ගෙසෙර්හි රජ එක්කෙනෙක්ය;

13 දෙබීර්හි රජ එක්කෙනෙක්ය; ගෙදෙර්හි රජ එක්කෙනෙක්ය;

14 හොර්මාහි රජ එක්කෙනෙක්ය; අරාද්හි රජ එක්කෙනෙක්ය;

15 ලිබ්නාහි රජ එක්කෙනෙක්ය; අදුල්ලාම්හි රජ එක්කෙනෙක්ය;

16 මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;

17 තප්පුවාහි රජ එක්කෙනෙක්ය;

18 හේපෙර්හි රජ එක්කෙනෙක්ය; අපෙක්හි රජ එක්කෙනෙක්ය; ලෂ්ෂාරොන්හි රජ එක්කෙනෙක්ය;

19 මාදොන්හි රජ එක්කෙනෙක්ය; හාශොර්හි රජ එක්කෙනෙක්ය;

20 ෂිම්රොන්-මෙරොන්හි රජ එක්කෙනෙක්ය; අක්ෂාප්හි රජ එක්කෙනෙක්ය;

21 තයනාක්හි රජ එක්කෙනෙක්ය; මෙගිද්දෝහි රජ එක්කෙනෙක්ය;

22 කෙදෙෂ්හි රජ එක්කෙනෙක්ය; කර්මෙල්ට අයිති යොක්නෙයාම්හි රජ එක්කෙනෙක්ය;

23 දෝර් කඳුකරේ වූ දෝර්හි රජ එක්කෙනෙක්ය; ගිල්ගාල්හි සිටිය ජාතීන්ගේ රජ එක්කෙනෙක්ය;

24 තිර්ශාහි රජ එක්කෙනෙක්ය. සියලු රජවරු තිස්එක්දෙනෙක්ය.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්