Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 27:9 - Sinhala Revised Old Version

9 දාවිත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් ඉතුරු නොකර දේශයේ සියල්ලන් මරාදමා, බැටළුවන්ද ගවයින්ද කොටළුවන්ද ඔටුවන්ද වස්ත්‍රද අරගෙන හැරී ආකීෂ් ළඟට ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතිරි නොකර ඒ ප්‍රදේශයේ සියල්ලන් මරා දමා, බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද ඔටුවන් ද වස්ත්‍ර ද පැහැරගෙන හැරී ආකීෂ් රජු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දාවිත් පුරුෂයෙකු වත්, ස්ත්‍රියක වත් ඉතිරි නොකර ඒ ප්‍රදේශයේ සියල්ලන් මරා දමා, බැටළුවන් ද ගවයන් ද කොටළුවන් ද ඔටුවන් ද වස්ත්‍ර ද පැහැරගෙන හැරී ආකීෂ් රජු වෙත පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 27:9
9 හුවමාරු යොමු  

දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.


පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයන් හා මහල්ලන්ද ගවයන්ද බැටළුවන්ද කොටළුවන්ද යන නුවර සිටි සියල්ලන්ම කඩුමුවහතින් මුළුමනින්ම විනාශකර දැමුවෝය.


තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.


ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.


කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය.


ඔහු අමලෙක්වරුන්ගේ රජවූ ආගග් පණපිටින් අල්ලාගෙන මුළු සෙනඟ කඩුමුවහතින් සහමුලින්ම විනාශකර දැමුවේය.


ඔහුගේ සම්පත් නම් බැටළුවන් සත් දහසකුත් ඔටුවන් තුන් දහසකුත් ගොන් බාන් පන්සියයකුත් කොටළුදෙනුන් පන්සියයකුත් වැඩකාරයන් ඉතා මහත් ගණනකුත්ය; මෙසේ ඒ මනුෂ්‍යයා නැගෙනහිර දිශාවේ සියලු මනුෂ්‍යයන්ට වඩා ශ්‍රේෂ්ඨව සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්