Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

යොෂුවා 16 - Sinhala Revised Old Version


එප්‍රායිම්ගේ කොටස

1 යෝසෙප්ගේ පුත්‍රයන්ට වැටුණු කොටසේ සීමාව නැගෙනහිර කාන්තාරය ළඟ තිබෙන යෙරිකෝවේ ජල ළඟ සිට යෙරිකෝව ඉදිරිපිට තිබෙන යොර්දානේ පටන් යෙරිකෝවෙන් කඳුරට මැදින් බෙතෙල්ට නැගීගොස්,

2 බෙතෙල් සිට ලූස්ට ගොස්, අර්කිවරුන්ගේ සීමාවේ අටාරෝත්ට පැමිණ,

3 එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.

4 මනස්සේ සහ එප්‍රායිම් යන යෝසෙප් පුත්‍රයෝ මෙසේ තමුන්ගේ උරුමය ලැබූහ.

5 එප්‍රායිම් පුත්‍රයන්ගේ සීමාව ඔවුන්ගේ පවුල්වල හැටියට මෙසේවිය. නැගෙනහිරට ඔවුන්ගේ උරුමයේ සීමාව අටාරොත්-අද්දාර් පටන් ඉහළ බෙත්-හෝරොන් දක්වාය;

6 උතුරු සීමාව මික්මෙතාත් සිට බස්නාහිරට ගියේය; එතනින් සීමාව නැගෙනහිරට හැරී තානත්-ෂීලෝ ළඟට ගොස්, යනෝවාට නැගෙනහිරින් එය පසුකර ගියේය;

7 යනෝවෙන් අටාරෝත්ටත් නාරාටත් බැස යෙරිකෝවට පැමිණ යොර්දාන දක්වා ගියේය.

8 තප්පුවා සිට සීමාව බස්නාහිර දෙස කානා ඔයට ගොස් මුහුද ළඟ කෙළවරවුණේය. එප්‍රායිම් පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල්වල හැටියට ලැබුණු උරුමය වනාහි,

9 එය සහ මනස්සේ පුත්‍රයන්ගේ උරුමය තුළ එප්‍රායිම් පුත්‍රයන්ට වෙන්කරන්ට යෙදුණු සියලු නුවරවල්ද ඒවායේ ගම්ද වේ.

10 ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්