Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 15:22 - Sinhala Revised Old Version

22 තවද මෝසෙස් ඉශ්‍රායෙල් මිනිසුන් රතු මුහුදේ සිට ගෙනගියේය, ඔව්හු ෂූර් නම් වනාන්තරයට පිටත්ව ගියෝය; ඔව්හු තුන් දවසක් වනාන්තරයෙහි ගොස් වතුර නොලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මෙසේ මෝසෙස් රතු මුහුදින් ඉශ්රායෙල් ජනයා ගෙන ගිය පසු ඔව්හු ෂූර් නම් පාළුකරයට ඇතුළු වූ හ. තෙදිනක් පාළුකරයේ ගමන් කළ නමුත් ඔවුන්ට ජලය නොලැබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 15:22
12 හුවමාරු යොමු  

කාන්තාරයේ දිය උල්පතක් ළඟදී, එනම්, ෂුර්ට යන පාරේ තිබෙන දිය උල්පත ළඟදී, ඈ ස්වාමීන්වහන්සේගේ දූතයාට සම්බවුණාය.


සාවුල්ද හවිලා පටන් මිසරය ඉදිරිපිට තිබෙන ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේය.


ඔව්හු හවිලාවේ පටන් අෂූර්ට යන මාර්ගයෙහි මිසරය ඉදිරියෙහි වූ ෂූර් දක්වා වාසයකළෝය. ඔහු තමාගේ සියලු සහෝදරයන් ඉදිරියෙහි විසීය.


ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න.


ආබ්‍රහම් එතැනින් දකුණු දේශයට ගමන්කර කාදෙෂ්ද ෂූර්ද අතරේ වාසය කෙළේය; ඔහු ගෙරාර්හිද පොරොත්තුවුණේය.


ඔව්හු හාහිරොත් ඉදිරියෙන් පිටත්ව ගොස් මුහුද මැදින් කාන්තාරයට අවුත් ඒතාම් කාන්තාරයෙහි තුන් දවසක ගමන්ගෙන මාරාහි කූඩාරම් ගසාගත්තෝය.


දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ.


ඔබ මෝසෙස් හා ආරොන් ලවා බැටළු රැළක් මෙන් ඔබගේ සෙනඟ ගෙනගියසේක.


නුමුත් උන්වහන්සේ ස්වකීය සෙනඟ බැටළුවන් මෙන් පිටතට ගෙනගොස්, බැටළු රැළක් මෙන් වනාන්තරයේදී ඔවුන්ට මගපෙන්වූසේක.


උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.


ස්වකීය සෙනඟ කාන්තාරය මැදින් ගෙනගිය තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්