Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 1:29 - Sinhala Revised Old Version

29 එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 1:29
6 හුවමාරු යොමු  

ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.


මිසරයේ රජවූ ඵාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවවූ තමාගේ දුවට දායාදයක්කොට දී තිබුණේය.


එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.


ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය.


සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්