Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 16:10 - Sinhala Revised Old Version

10 ඔව්හු ගෙසෙර්හි වාසයකළ කානානිවරුන් පන්නා නොදැමුවෝය. නුමුත් කානානිවරු අද දවස දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත්ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔව්හු ගෙශෙර්හි වාසය කළ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. එහෙත්, කානානිවරු අද දක්වා එප්‍රායිම්වරුන් අතරේ වාසය කරමින් වහලුන් ලෙස වහල් වැඩට යටත් ව සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 16:10
12 හුවමාරු යොමු  

එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.


මිසරයේ රජවූ ඵාරාවෝ ඇවිත් ගෙසෙර් අල්වාගෙන ඒක ගින්නෙන් පුලුස්සාදමා, ඒ නුවර වාසයකළ කානානිවරුන් මරා, ඒක සාලමොන්ගේ භාර්යාවවූ තමාගේ දුවට දායාදයක්කොට දී තිබුණේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ශක්තිමත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට පත් කළෝය, එහෙත් ඔවුන් සහමුලින් පන්නා නොදැමූහ.


දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.


නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.


එවිට ගෙශෙර්හි රජවූ හොරාම් ලාකීෂ්ට උපකාර කරන පිණිස ආයේය; යෝෂුවා ඔහුට එක්කෙනෙක්වත් ඉතුරුනොවෙන තුරු ඔහුටත් ඔහුගේ සෙනඟටත් පහරදුන්නේය.


එය සහ මනස්සේ පුත්‍රයන්ගේ උරුමය තුළ එප්‍රායිම් පුත්‍රයන්ට වෙන්කරන්ට යෙදුණු සියලු නුවරවල්ද ඒවායේ ගම්ද වේ.


එහෙත් මනස්සේ පුත්‍රයන්ට ඒ නුවරවල වැසියන් එළවන්ට නොහැකි විය; කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමැතිව සිටියෝය.


සාලමොන් රජු රාජකාරියට මනුෂ්‍යයන් ගත් අභිප්‍රාය නම්, ස්වාමීන්වහන්සේගේ ගෘහයද තමාගේම ගෙයද මිල්ලෝද යෙරුසලමේ පවුරද හාශෝර්ද මෙගිද්දෝද ගෙසෙර්ද ගොඩනැගීම පිණිසය.


ඉතිරිවූ මුළු සෙනඟට පසුව දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්