Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 17:8 - Sinhala Revised Old Version

8 එකල අමලෙක්වරු අවුත් රෙඵිඩිම්හිදී ඉශ්‍රායෙල් සමඟ සටන්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට අමලෙක්වරු පැමිණ රෙපිඩීම් නම් ස්ථානයේ දී ඉශ්රායෙල් ජනයා සමඟ සටන් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:8
13 හුවමාරු යොමු  

සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් මිසරයෙන් එන කල අමලෙක්වරුන් ඔවුන්ට කළ දේ එනම් ඔවුන්ට විරුද්ධව මාර්ගයෙහි සිටි හැටි සිහිකරමි.


තිම්නා ඒසව්ගේ පුත්‍රවූ එලිඵස්ගේ උපභාර්යාව වූවාය; ඈ එලිඵස් නිසා අමලෙක් බිහිකළාය. ඒසව්ගේ භාර්යාවවූ ආදාගේ පුත්‍රයෝ මොව්හුය.


තවද දාවිත් හා ඔහුගේ මිනිස්සු තුන්වෙනිදා ශික්ලග්ට පැමුණුණෝය, ඊට ප්‍රථම අමලෙක්වරු දකුණු දිශාවටත් ශික්ලග්ටත් විරුද්ධව ඇවිත්, ශික්ලග්ට පහරදී, ඒක ගින්නෙන් පුලුස්සා දමා,


තවද ඔහු අමලෙක් දෙස බලා උපමා කථා පවසමින් කියනුයේ: අමලෙක් ජාතීන්ගෙන් පළමුවෙනි ජාතිය විය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වන්නේයයි කීවේය.


ගෙබාල්, අම්මොන් සහ අමෙලක්ය; තීර් වැසියන් සමඟ පිලිස්තියෝය.


අධිපතිවූ කොරා, අධිපතිවූ ගයිතාම් සහ අධිපතිවූ අමලෙක්ය. මොව්හු ඒදොම් දේශයෙහි එලිඵස්ගෙන් පැවත ආ අධිපතියෝය; මොව්හු ආදාගේ පුත්‍රයෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස සීන් වනාන්තරයේ සිට ක්‍රමයෙන් ගමන්කොට රෙඵිඩිම්හි කඳවුරු බැඳගත්තාය. එහි සෙනඟට බොන්ට වතුර නොතිබුණේය.


දාවිත්ද ඔහුගේ මිනිස්සුද පිටත්ව ගෙෂූර්වරුන්ටද ගිර්ශීවරුන්ටද අමලෙක්වරුන්ටද විරුද්ධව ගියෝය. ඒ ජාතීහු ෂූර්ට යන මාවත දක්වාද මිසරදේශය දක්වාද පුරාණයේ සිට දේශයේ වැසියෝ වූහ.


තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.


අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.


ඉශ්‍රායෙල්වරුන් වැපුරුවාට පසු මිදියන්වරුද අමෙලෙක්වරුද පූර්ව දිශාවේ වැසියෝද ඔවුන්ට විරුද්ධව ඇවිත්,


ඔහු වික්‍රමාන්විතව ක්‍රියාකරනුයේ, අමලෙක්වරුන්ට පහරදී, ඉශ්‍රායෙල් කොල්ලකන අයින්ගේ අත්වලින් ඔවුන් ගළවා ගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්