එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.
1 සාමුවෙ 2:30 - Sinhala Revised Old Version එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති. Sinhala New Revised Version එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි. Sinhala New Revised Version 2018 එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වන මම මෙසේ කියමි: නුඹේ වංශයත්, නුඹේ පියාගේ වංශයත් මා ඉදිරියෙහි සදහට ම සේවය කරනු ඇත. එහෙත්, දැන් ස්වාමීන් වන මම එය මාගෙන් දුරු වේ වා යි කියමි. මන්ද, මට ගෞරව කරන්නන්ට මම ගෞරව කරමි. මා හෙළා දකින්නන් නින්දාවට පමුණුවන්නෙමි. |
එබැවින් ස්වාමීන්වහන්සේ සාලමොන්ට කථාකොට: නුඹ මාගේ ගිවිසුමද මා නුඹට අණකළ මාගේ පනත්ද නොපවත්වා මෙසේ කළ බැවින්, මම සැබවින්ම රාජ්‍යය නුඹෙන් උදුරා නුඹේ මෙහෙකරුවාට දෙන්නෙමි.
මෙසේ ෂීලෝහිදී ඒලීගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ කී වචනය සම්පූර්ණවෙන ලෙස ස්වාමීන්වහන්සේගේ පූජකකමෙන් සාලමොන් අබියාතර් පහකෙළේය.
ඔබගේ මෙහෙකරුවාට කළ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්ටද? මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මෙහෙකරුවා දන්නාසේක.
ඔහු ආසාගේ පෙරමගට ගොස් කථාකොට: ආසා සහ සියලු යූදාවරුනි, බෙන්යමින්වරුනි, මට ඇහුම්කන්දෙන්න, නුඹලා ස්වාමීන්වහන්සේ සමඟ සිටින තුරු උන්වහන්සේ නුඹලා සමඟ සිටිනසේක; නුඹලා උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹලාට සම්බවෙනවා ඇත. නුඹලා උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේද නුඹලා අත්හරිනවා ඇත.
ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.
ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.
ස්තුතිපූජා කරන තැනැත්තේ මට ගෞරවකරයි; ස්වකීය හැසිරීම හරිලෙස පවත්වා ගන්නාට දෙවියන්වහන්සේගෙන් ලැබෙන ගැළවීම දක්වන්නෙමි.
යමෙක් පිබිදෙන කල ඔහුට හීනයක් යම්සේද, ස්වාමිනි, ඔබ පිබිදෙන කල ඔබ ඔවුන්ගේ රූපාකාරය එසේ හෙළාදක්නාසේක.
ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි.
ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.
ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,
බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම එඬේරුන්ට විරුද්ධව සිට, මාගේ බැටළුවන් ඔවුන් අතින් අයකර, බැටළුවන් පෝෂ්‍යකිරීමෙන් ඔවුන් නවත්වන්නෙමි; තවත් තමුන්ම පෝෂ්‍යකරගන්ට එඬේරුන්ට නොලැබෙන්නේය; මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවාගන්නෙමි.
ඒ දවස්වලට පසු නෙබුකද්නෙශර් වන මම මාගේ ඇස් ස්වර්ගය දෙසට එසවීමි, මාගේ සිහිය නැවත මට පැමුණුණේය, මම මහෝත්තමයාණන්වහන්සේට ප්‍රශංසාකොට, සදාකාලේටම ජීවත්වන්නාවූ සදාකාල ආණ්ඩුවක්ද පරම්පරාවෙන් පරම්පරාවට පවතින රාජ්‍යයක්ද ඇත්තාවූ තැනන්වහන්සේ වර්ණනාකොට ගෞරව දුනිමි.
පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවල ස්වාමීන්වහන්සේ නුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.
බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත.
එක දවසක් නොව දෙදවසක් නොව පස් දවසක් නොව දස දවසක් නොව විසි දවසක් නොව මාසයක් මුළුල්ලේම මාංස නුඹලාගේ නාස්පුඩුවලින් නික්ම නුඹලාට පිළිකුල් වන තුරු නුඹලා ඒවා කනවා ඇතැයි සෙනඟට කියන්නැයි කීසේක.
නුඹලා පදිංචිවෙන දේශය තුළ මා වාසයකරන බැවින් ඒක අපවිත්‍ර නොකර සිටින්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ වන මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි වාසයකරමියි කීසේක.
යමෙක් මට සේවයකෙරේ නම් ඔහු මා අනුව ඒවා; මම යම් තැනක සිටිම්ද එතැන මාගේ සේවකයාද සිටින්නේය. යමෙක් මට සේවයකෙරේ නම් ඔහුට මාගේ පියාණෝ ගෞරවකරනසේක.
පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.
එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?
යේසුස්වහන්සේ උත්තරදෙමින්: මට යක්ෂයෙක් ආවේශවෙලා නොව මම මාගේ පියාණන්වහන්සේට ගෞරවකරමි, නුඹලා මට අගෞරවකරහුය.
එහෙයින් ස්වාමීන්වහන්සේ එන තුරු කාලයට පළමුවෙන් කිසිවක් විනිශ්චය නොකරන්න. උන්වහන්සේ අන්ධකාරයේ සැඟවුණු දේ එළිදරව්කොට, සිත්වල අදහස් ප්‍රකාශකරනසේක; එවිට එකිනෙකාට තම තමාගේ ප්‍රශංසාව දෙවියන්වහන්සේගෙන් ලැබෙන්නේය.
එසේ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නාවූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂාකිරීමෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය.