Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 29:32 - Sinhala Revised Old Version

32 බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 කෙසේ ද යත්: “ස්වාමීන් වන මම නෙහෙලාමියේ ෂෙමායාටත්, ඔහුගේ වංශයටත් දඬුවම් කරන්නෙමි. මන්ද ඔහු දිවැසිවරයෙකු මෙන් ඔබට කතා කරමින්, ඔහු පැවසූ අසත්‍ය දේ විශ්වාස කිරීමට ඔබට සැලැස්සුවේ ය. එහෙත් මම ඔහු නොඑව්වෙමි. ඔහු මට විරුද්ධ ව කැරලිකාර වචන කතා කළ නිසා මේ සෙනඟ අතර වාසය කරන කිසිවෙකු ඔහුගේ පරම්පරාවේ ඉතිරි වන්නේ නැත. මා විසින් මාගේ සෙනඟට කරනු ලබන යහපත ඔහුට දකින්නට නොලැබේ. ඔහුගේ වංශයේ කිසිවෙක් මේ සෙනඟ අතර ජීවත් වන්නේත් නැත. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය” යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 29:32
24 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ පොළොව මතුපිටින් පහකරන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ නිසා නුඹ මේ අවුරුද්දේ මැරෙන්නෙහියයි කීවේය.


ඔහු මරුකතරේ රෝතෙම් ගහකට සමානවී, යහපත පැමිණෙන විට එය නොදැක, ලුණු භූමියක්ව තිබෙන්නාවූ, වැසියන් නැත්තාවූ කාන්තාරයේ වියළි තැන්වල වාසයකරනවා ඇත.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.


එවිට රජු අත පිට හේත්තුවී සිටි අධිපති තෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ අහසේ කවුළු සෑදුවත් මේක සිද්ධවිය හැකිදැයි කීවේය. ඒක නුඹේ ඇස්වලින් දක්නෙහිය, නුමුත් එයින් නොකන්නෙහියයි ඔහු කීවේය.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.


සෑම කල්හිම මා ඉදිරියෙහි සිටින්ට රේකාබ්ගේ පුත්‍රවූ යෝනාදාබ්ගෙන් කෙනෙක් නැතුව නොයන්නේයයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


එම්බා පෂ්හූර්, නුඹ සහ නුඹේ ගෙයි වැසි සියල්ලෝද වාලට යන්නහුය. නුඹත් නුඹේ බොරු අනාගතවාක්‍ය ඇසූ නුඹේ සියලු මිත්‍රයොත් බබිලෝනියට පැමිණ, එහිදී මැරී වළලනු ලබන්නහුයයි කීවේය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමියි කියනසේක. බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය නුඹටත් නුඹේ වංශයටත් නිරතුරම වැළඳෙන්නේයයි ඔහුට කීවේය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨය ඇතුව ඔහු වෙතින් පිටතට ගියේය.


ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙන්නාවූ,


ඒ අනාගතවක්තෘ හෝ ස්වප්නකාරයා මරනු ලැබිය යුතුය; මක්නිසාද යන ලෙස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ මාර්ගයෙන් නුඹ අහක්කිරීමට, නුඹලා මිසර දේශයෙන් පිටතට ගෙනාවාවූ, වහල්කමේ ගෙයින් නුඹලා මුදාගත්තාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් වෙන් වෙන්ටය කියා ඔහු කථාකළ නිසාය. මෙසේ නුඹලා අතරෙන් ඒ නපුර පහකරන්න.


එවිට ඔහු: මමත් නුඹ වාගේම අනාගතවක්තෘ කෙනෙක්මි; දේවදූතයෙක් ස්වාමීන්වහන්සේගේ වචනයෙන් මට කථාකොට–ඔහු කෑම කන පිණිසත් වතුර බොන පිණිසත් නුඹේ ගෙදරට කැඳවාගන එන්න කියා කීයේයයි ඔහුට කීවේය. ඔහු ඔහුට කීවේ බොරුය.


නෙහෙලාමිය ෂෙමායා ගැන මෙසේ කියන්න:


ස්වාමීන්වහන්සේගෙන් යෙරෙමියා වෙතට පැමිණි වචනය මේය.


මම ඔහුටත් ඔහුගේ වංශයටත් සේවකයන්ටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම්කොට, ඔවුන් පිටටත් යෙරුසලමේ වැසියන් පිටටත් යූදාහි මනුෂ්‍යයන් පිටටත් ඔවුන් ගැන මා කීවාවූ ඔවුන් නෑසුවාවූ සියලු විපත්ති පමුණුවන්නෙමියි කීවේය.


තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


ඒ විපත්තිය ළංවී අප පිටට නොපැමිණෙන්නේයයි කියන්නාවූ, මාගේ සෙනඟගෙන් පව්කාරයෝව සිටින්නාවූ සියල්ලෝ කඩුවෙන් මැරෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්