Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 29:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේ කථාකොට: මේ සෙනඟ තමුන්ගේ මුඛයෙන් ළංවී තමුන්ගේ තොල්වලින් මට ගෞරවකරන නුමුත්, ඔවුන්ගේ සිත මාගෙන් දුරුකරගත් බැවින්ද, මා කෙරෙහි තිබෙන ඔවුන්ගේ භය මනුෂ්‍යයන්ගෙන් ඉගෙනගත් ආඥාවක්ව තිබෙන බැවින්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 සමිඳාණෝ මෙසේ වදාළ සේක: “මේ සෙනඟ මට නමස්කාර කරන්නේ වචනයෙන් පමණකි. ඔවුන්ගේ සිත් මා වෙත යොමු වී නැත. ඔවුන්ගේ ආගම වනාහි කටපාඩම් කරගත් මනුෂ්‍ය නීතිරීති හා පාරම්පරික සම්ප්‍රදායයෝ පමණකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 29:13
25 හුවමාරු යොමු  

ඔබ ඔවුන් හිටෙවුසේක; ඔව්හු මුල් ඇද වැඩි ඵලදෙති; ඔව්හු කටින් ඔබට ළංව සිටින නුමුත් සිතින් ඔබගෙන් දුරුව සිටිති.


මේ සියල්ල සිදුවූ නුමුත් ඇගේ ද්‍රෝහිකාර සහෝදරීවූ යූදා ඇගේ මුළු සිතින් නොව බොරුවෙන් මා වෙතට හැරී ආවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


උන්වහන්සේ නුඹට තරවටු නොකරන පිණිසත් නුඹ බොරුකාරයෙක් නොවන පිණිසත් උන්වහන්සේගේ වචනවලට කිසිවක් එකතු නොකරන්න.


මේ සියල්ල පාවිච්චිකිරීමෙන් දිරායන්ට තිබේ.


ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා ඔවුන් කියන නුමුත් සැබවින් ඔව්හු බොරුවට දිවුරති.


සැබවින් නුඹලාගේම ප්‍රාණවලට විරුද්ධව නුඹලා ප්‍රයෝග කළහුය; මක්නිසාද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අප උදෙසා යාච්ඤාකර, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියන සියල්ලේ හැටියට අපට දන්වන්න, අපි ඒක කරන්නෙමුව කියා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නුඹලා මා යැවුවහුය.


ස්වාමිනි, යුක්තිය ඇසුව මැනව, මාගේ හඬගැසීම සැලකුව මැනව; වංකවූ තොල්වලින් නොනික්මෙන මාගේ යාච්ඤාවට කන්දුන මැනව.


අභක්තික ජාතියකට විරුද්ධව ඔහු එවන්නෙමි, මාගේ උදහසේ සෙනඟගෙන් කොල්ලකන්ටද සම්පත් උදුරාගන්ටද වීථිවල මඩ මෙන් ඔවුන් පාගාදමන්ටද ඔවුන්ට විරුද්ධව ඔහුට අණදෙන්නෙමි.


එවිට ඔහු: මම පව්කෙළෙමි. එහෙත් දැනට මාගේ සෙනඟගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල්වරුන්ද ඉදිරියේදී මට ගෞරවය දී, මා විසින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස මා සමඟ හැරී අවමැනවැයි කීවේය.


නුමුත් දුෂ්ටයාට දෙවියන්වහන්සේ කථාකොට: මාගේ පනත් ප්‍රකාශකිරීමෙන් හෝ මාගේ ගිවිසුම නුඹේ කටට ගැන්මෙන් නුඹට කම් කිම්ද?


දාවිත් අන්දායම් බැන්ද නුවරවන අරියෙල්, අරියෙල්, නුඹට දුක් වේ! අවුරුද්දට අවුරුද්ද එකතුකරන්න; නියම මංගල්‍ය පැමිණේවා.


අකුරු නොදන්න කෙනෙකුට ලියවිල්ල දී: මේක කියවන්නැයි කීවාම-මම අකුරු නොදනිමියි ඔහු කියන්නේය.


ඒ නිසා උන්වහන්සේ තමන්ගේ බලවත් උදහස සහ සටනේ දරුණුකම ඔවුන් කෙරෙහි වැගිරෙවුසේක; එයින් ඔවුන් වටකර ඔවුන්ට ගිනිඇල්ලූ නුමුත්, ඔව්හු එය නොදත්තෝය; එයින් ඔවුන් දැවූ නුමුත්, ඒක සිතට නොගත්තෝය.


ස්වාමීන්වහන්ස, ඔබගේ මාර්ගවලින් අප මුළාවයන්ටත් ඔබ කෙරෙහි භය නොවන සේ අපේ සිත් දැඩිවෙන්ටත් හරින්නේ මක්නිසාද? ඔබගේ උරුම-ගෝත්‍ර වන ඔබගේ මෙහෙකරුවන් නිසා හැරී අව මැනව.


එකල්හි ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරු මා ළඟට ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.


තවද, මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සෙනඟගේ පුත්‍රයෝ පවුරු ළඟදීද ගෙවල්වල දොරකඩවලදීද නුඹ ගැන කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන වචනය මොකද කියා අසන්නැයි එකිනෙකා තම තමාගේ සහෝදරයාට කියති.


නුඹලා මාර්ගයෙන් පහවී මාවතින් අහක්ව යන්න, ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ අප ඉදිරියෙන් පහකරන්නය කියාද කියති.


ඔව්හු තමුන්ගේ යහන්වලදී කෑගසන විට තමුන්ගේ සිත්වලින් මට මොර නොගැසුවෝය. ඔව්හු ධාන්‍යයද මිදියුසද ගැන රැස්වී, මට විරුද්ධව කැරළිගසති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්