Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 26:18 - Sinhala Revised Old Version

18 ඔහුට විරුද්ධව සිටිමින්, ඔහුට කථාකොට: උස්සියානි, සුවඳ දුම් ඔප්පුකිරීමට කැපකරනලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ඔබ වරද කෙළෙහිය; මෙය දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔහුට විරුද්ධ ව සිටිමින්, ඔහුට කතා කොට, “උශ්ශියා, සුවඳ දුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න. මන්ද, ඔබ වරද කෙළෙහි ය. මෙය දෙවියන් වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔහුට විරුද්ධ ව සිටිමින්, ඔහුට කතා කොට, “උශ්ශියා, සුවඳ දුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයන් වන පූජකයන්ට මිස, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කිරීම ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධස්ථානයෙන් පිටතට යන්න. මන්ද, ඔබ වරද කෙළෙහි ය. මෙය දෙවියන් වහන්සේගෙන් ඔබට ගෞරව පිණිස නොවන්නේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 26:18
22 හුවමාරු යොමු  

නුඹද නුඹ සමඟ නුඹේ පුත්‍රයෝද පූජාසනයේ සියලු දේ ගැනත් තිරයට ඇතුළත තිබෙන දේ ගැනත් නුඹලාගේ පූජකකම පවත්වමින් මෙහෙකරන්න. මම පූජකකම ත්‍යාග සේවයක් කොට නුඹලාට දෙමි. නුමුත් ළංවන අන්‍යයා මරනු ලබන්නේයයි කීසේක.


තවද ආරොන් මෙන් දෙවියන්වහන්සේ විසින් කැඳවාගන්න අය මිස වෙන කවුරුවත් ඒ ගෞරවය තමාටම නොගන්නේය.


නුඹලා පහත ඉඳගන්න. මක්නිසාද නුඹලාගේ තේජවන්ත ඔටුන්න නුඹලාගේ හිස්වලින් වැටුණේයයි රජුටත් මවු බිසවටත් කියන්න.


නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.


මාගේ සහෝදරයෙනි, අපගේ තේජවන්ත ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඇදහිල්ල මනුෂ්‍යයන්ගේ තරාතිරම් සැලකීම ඇතුව නොදරන්න.


තවද කේපස් අන්තියෝකියට ආ කල, ඔහු වරද කරලා සිටි බැවින් ඔහු ඉදිරිපිටදීම ඔහුට විරුද්ධව සිටියෙමි.


එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.


ආත්මය ස්වාමිවූ යේසුස්වහන්සේගේ දවසේදී ගැළවෙන පිණිස මාංසය නාස්තිවීම පිණිස මෙබඳු තැනැත්තා සාතන්ට භාරදීමටය.


එකම දෙවියන්වහන්සේ කෙරෙන් පැමිණෙන ගෞරවය නොසොයා, එකිනෙකාගෙන් ගෞරවය ලබන්නාවූ නුඹලාට විශ්වාසකරන්ට පුළුවන් කොහොමද?


මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය.


ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න.


ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත.


දැන් නෙබුකද්නෙශර් වන මම ස්වර්ගයේ රජ්ජුරුවන්වහන්සේට වර්ණනාද ප්‍රශංසාද ගෞරවද කරමි; මක්නිසාද උන්වහන්සේගේ සියලුම ක්‍රියාවල් සැබෑය, උන්වහන්සේගේ මාර්ගද ධර්මිෂ්ඨය. උඩඟුකමින් හැසිරෙන්නන් පහත්කරන්ට උන්වහන්සේට පුළුවන යනුය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් තමුන්ගේ පූජක තනතුර පවත්වන පිණිස ඔවුන් පත්කරන්න. ළංවෙන අන්‍යයා මරනු ලැබිය යුතුයයි කීසේක.


නුඹේ සහෝදරවූ ආරොන්ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන්ද මට පූජකකම් කරන පිණිස, ආරොන්ද ඔහුගේ පුත්‍රයන්වූ නාදාබ්ද අබීහූද එලෙයාසර්ද ඊතාමර්ද ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් නුඹ ළඟට කැඳවාගන්න.


ඔව්හු ගිලියද් දේශයෙහි රූබෙන් පුත්‍රයන්ද ගාද් පුත්‍රයන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ළඟට අවුත් කථාකරමින්:


තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළාවූ නුඹලාගේ පියවරුන්ටත් සහෝදරයන්ටත් සමාන නොවෙන්න; නුඹලාට පෙනෙන හැටියට උන්වහන්සේ ඔවුන් ව්‍යසනයට පාවාදුන්සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්