Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:15 - Sinhala Revised Old Version

15 මක්නිසාද: මෙන්න මම නුඹ ජාතීන් අතරේ කුඩා කෙළෙමි, මනුෂ්‍යයන් අතරේ සුළුකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹලා විජාතීන් අතර දුබල ජාතියක් ද මිනිසුන් ඉදිරියෙහි නිවටකමට පත් වූ ජාතියක් ද කිරීමට සමිඳාණන් වහන්සේ සූදානම් වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 නුඹලා විජාතීන් අතර දුබල ජාතියක් ද මිනිසුන් ඉදිරියෙහි නිවටකමට පත් වූ ජාතියක් ද කිරීමට සමිඳාණන් වහන්සේ සූදානම් වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:15
8 හුවමාරු යොමු  

උන්වහන්සේ ස්වකීය බාහුවෙන් බලය පෑසේක; තමුන්ගේ සිත්වල කල්පනාවෙන් අහංකාරීවූ අය විසිරෙවුසේක.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොතැනදැයි මට කී මාගේ සැතිරීත් ඒ දැක ලජ්ජාවෙන් වැසීයනවා ඇත; මාගේ ඇස් ඇගේ දඬුවම දකිනවා ඇත; දැන් ඈ වීථිවල මඩ මෙන් පාගාදමනු ලබන්නීය.


බලව, මම නුඹ ජාතීන් අතරෙහි කුඩාකෙළෙමි. නුඹ ඉතා සුළුකොට සලකනු ලබයි.


භයක් නැති තැනදී ඔව්හු බොහෝසෙයින් භයපත්වූවෝය. මක්නිසාද දෙවියන්වහන්සේ නුඹට විරුද්ධව කඳවුරු බැඳගත් තැනැත්තාගේ ඇට විසිරවූසේක; දෙවියන්වහන්සේ ඔවුන් එපාකළ නිසා නුඹ ඔවුන් ලජ්ජාවට පත් කෙළෙහිය.


එබැවින් ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ වංශයත් නුඹේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියෙහි හැසිරෙනවා ඇතැයි සැබවින්ම කීවෙමි. නුමුත් දැන් ස්වාමීන්වහන්සේ කියන්නේ නම්: එය මාගෙන් දුරුවේවා කියාය; මක්නිසාද මට ගෞරවකරන්නන්ට මමත් ගෞරව කරමි, මා සුළුකොට සිතන්නෝ නීචකොට සලකනු ලබති.


රැස්වී ඈට විරුද්ධව ඇවිත් යුද්ධයට නැගිටින්නැයි කියන්ට ජාතීන් අතරට තානාපතියෙක් යවනලද්දේය යන ආරංචිය ස්වාමීන්වහන්සේගෙන් ලැබීමි.


අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්