Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:43 - Sinhala Revised Old Version

43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වන විට හෝ ශුද්ධ ස්ථානයෙහි සේවය කරන පිණිස පූජාසනයට ළංවන විට හෝ ඔවුන් අපරාධය දරා නොනසින පිණිස ඔවුන් ඒවා ඇඳගන සිටිය යුතුය. මේක ඔහුටද ඔහුට පසුව ඔහුගේ වංශයටද නිරන්තර පනතක් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් මරණයට හේතු වන අපරාධයකට පත් නොවන පිණිස, සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට හෝ ශුද්ධස්ථානයේ පූජාසනයට පූජක සේවා කිරීමට ළඟා වන විට හෝ ඒවා ඇඳගෙන සිටිය යුතු ය. මෙය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:43
18 හුවමාරු යොමු  

සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.


නුඹේ නග්නභාවය නොපෙනෙන පිණිස මාගේ පූජාසනයට පඩිවලින් නොනැගෙවයි කීසේක.


යමෙක් පව්කොට ස්වාමීන්වහන්සේ නොකරන්ට අණකළ දේවලින් යමක් කළොත් ඔහු එය නොදැන සිටිය නුමුත් වැරදිකාරයෙක්ව, තමාගේ අයුතුකම දැරිය යුතුය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ පාපය දරා නොනසින පිණිස මෙතැන් පටන් රැස්වීමේ කූඩාරම ළඟට නොපැමිණෙත්වා.


එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය.


ඔවුන් යක්ෂයන් පස්සේ වේශ්‍යාකමින් ගොස් තමුන්ගේ පූජා ඔවුන්ට තවත් පූජා නොකළයුතුය. මෙය ඔවුන්ට ස්වකීය පරම්පරාවල නිරන්තර පනතක් වන්නේය.


යමෙක් කාරණාවක් දැක නොහොත් දැනගන සාක්ෂිකාරයෙක්ව සිටිද්දී, දිවුරවීමේ හඬ අසා නොදන්වා සිටීමෙන් පව්කළොත්, ඔහු තමාගේ අයුතුකම දැරිය යුතුය.


නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.


මෙසේ ඔව්හු නොනස්නා පිණිස තමන්ගේ අත්ද තමන්ගේ පාදද සෝදා ගනිත්වා. ඒක ඔවුන්ට එනම් ඔහුටද ඔහුගේ වංශයටද ඔවුන්ගේ පරම්පරාවල නිරන්තර පනතක් වන්නේයයි කීසේක.


ඔහු නොනසින පිණිස ධූප පටලය සාක්ෂිය මතුයෙහි තිබෙන කරුණාසනය වසාගන්නා ලෙස ඒ සුවඳ ද්‍රව්‍ය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගින්න පිට දමන්නේය.


ඔවුන් ඇතුල් මළුවේ දොරටුවලට ඇතුල්වෙන කල හණ වස්ත්‍ර ඇඳ සිටිය යුතුය; ඇතුල් මළුවේ දොරටුවලට ඇතුළතින්ද ගෘහයෙහිද සේවයකරන අතර ඔව්හු ලෝම රෙදි නෑඳ සිටිත්වා.


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන්නාවූ ඔවුන්ගේ ශුද්ධ දේවල් කෑමෙන් දෝෂ පමුණුවන අයුතුකම දරන්ට නොසලස්වන පිණිස ඔව්හු ඒවා දූෂණයනොකෙරෙත්වා.


මුළු සභාවට එනම් නුඹලාටත් නුඹලා සමඟ සිටින විදේශියාටත් එක පනතක් වන්නේය. එය නුඹලාගේ පරම්පරාවලට සදාකාල පනතක්ය. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා යම් ආකාරද විදේශියාත් එයාකාරව සිටීවා.


ස්වාමීන්වහන්සේ ආරොන්ට කථාකොට: බලව, මාගේ එසවීමේ පූජාවල භාරය එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කැපකරනලද සියලුම දේවල් නුඹට සහ නුඹේ පුත්‍රයන්ටද ආලේපකිරීම හේතුකොටගෙන සදාකාලයටම නියම කොටසක් කොට මා විසින් දී තිබේ.


එසේ නුඹලා එයින් උතුම් කොට්ඨාසය එසෙවු කල ඒ ගැන කිසි පාපයක් දරන්නේවත් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශුද්ධවූ දේවල් දූෂණයකොට නුඹලා නසින්නේවත් නැත කියා ඔවුන්ට කියන්නැයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්