ගීතාවලිය 16:1 - Sinhala New Revised Version දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. Sinhala New Revised Version 2018 දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, මා ආරක්ෂාකළ මැනව. මක්නිසාද ඔබ සරණ කොටගනිමි. |
ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය.
“සමිඳුන්ට ඔහු බාර විණි, එතුමන් ඔහු ගළවා නොගන්නේ මන් ද? සමිඳුන්ට ඔහු ප්‍රිය මනාප විණි, එතුමන් ඔහු මුදා නොගන්නේ මන් ද?”
සමිඳුන්ගේ සියලු සැදැහැවතුනි, එතුමන්ට ප්‍රේම කරන්න; හිමි තුමාණෝ සැදැහැවතුන් රක්නා සේක; උඩඟුකම් කරන්නවුන්ට විපුල ප්‍රතිවිපාක දෙන සේක.
හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.
දෙවිඳුනි, මට දයා වුව මැනව. මිනිස්සු මා ලුහුබැඳ එන්නෝ ය; දවස පුරා ඔව්හු මට පීඩා කරන්නෝ ය.
අහෝ දෙවිඳුනි! ඔබ අප අත්හැර අප බලකොටු බිඳදැමූ සේක; ඔබ උදහස් වූ සේක. අප වෙත යළි වැඩිය මැනව.
සමිඳුනි, මාගේ දෙවියෙනි, මා රැකවරණය ඔබ වෙත ම ය. ලුහුබැඳ එන රුපු කැලෙන් නිදහස් කොට මා මුදාලන්න.
නැතහොත්, ගළවන්නට බැරි තැනකට සිංහයෙකු මෙන්, ඔවුන් මා ඩැහැගෙන යනු ඇත; එහිදී මා කැබලි කොට මරා දමනු ඇත.
සමිඳුනි, ඔබ නපුරට වෛර කරන්නන්ට ප්‍රේම කරන සේක; ඔබට ගැති වූවන්ගේ ජීවිත ඔබ ආරක්ෂා කරන සේක; දුෂ්ටයාගේ බලයෙන් ඔබ ඔවුන් මුදාලන සේක.
මරණ තීන්දුව ලැබුවාක් මෙන් අපට හැඟුණි. එසේ වූයේ, අප කෙරෙහි ම විශ්වාසය නොතබා, මළවුන් උත්ථාන කරන දෙවියන් වහන්සේ කෙරෙහි අපේ විශ්වාසය තබන පිණිස ය.
මා දුක් විඳින්නේ ඒ නිසා ම ය. එහෙත් මම ලජ්ජා නොවෙමි. මන්ද, මා අදහන්නේ කවරෙකු ද කියා මම දනිමි. මට භාර දී තිබෙන දෙය, ඒ මහා දවස දක්වා ආරක්ෂා කිරීමට උන් වහන්සේට හැකි බව මම සැක නොකරමි.