Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 125 - Sinhala New Revised Version


සැදැහැවතුන්ගේ ආරක්ෂාව

1 සමිඳුන් විශ්වාස කරන්නෝ සියොන් කන්ද මෙන් අචල ය, සදාකාලික ය.

2 ජෙරුසලම සිසාරා කඳු වැටි ඇත්තාක් මෙන් සමිඳාණෝ සිය සෙනඟ සිසාරා දැනටත්, සදහටත් වැඩ සිටින සේක.

3 අදමිටු අය දමිටු අයගේ දේශය සදා පාලනය නොකරති. එසේ කළොත්, දමිටු අය වුව ද අදමිටු දේ කිරීමට පෙළඹෙන්නෝ ය.

4 සමිඳුනි, යහපත් අයට යහපත කළ මැනව; අවංක සිත් ඇත්තන්ටත් එසේ ම කළ මැනව.

5 එහෙත්, වංක මාර්ගවලට හැරී යන්නන්ට ඔබ දඬුවම් කරන්නාක් මෙන් සමිඳුන්ට විරුද්ධ ව අයුතුකම් කරන්නන්ට ද දඬුවම් කළ මැනව. ඉශ්රායෙල් ජනතාවට සාමය වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්